ව්‍යාජ මුදල් නෝට්ටු මහා පරිමාණයෙන් මුද්‍රණය කළ උපකාරක පංති ගුරුවරයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව කියන කාන්තාවක් හා ඔහුගේ පුතු යක්කලමුල්ල පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. මෙම කාන්තාව හා පුතු මාතර වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මීට සති කිහිපයකට පමණ ඉහතදී රු. 2000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් දී නාකියාදෙණිය ප්‍රදේශයේ වෙළෙඳසලකින් සිම් කාඞ්පතක් ලබාගෙන තිබුණි. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය පළමුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව මොහුගෙන් කළ ප්‍රශ්න කිරිමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව ලබාදුන්නේ තම මව බව පොලිසියට පවසා තිබෙනවා. ඒ අනුව මව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී ඇගේ සන්තකයේ තිබී රු. 2000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ද පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා. ඇය වෙළදාමේ නිරත කාන්තාවකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ උපකාරක පංති ගුරුවරයා සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවට ඇය පිළිගෙන ඇති අතර තමන්ට රුපියල් දෙදහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10ක් පමණ ලැබුණු බව ඇය පොලිසියට පවසා තිබෙනවා.
සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.