2013-12-05

ඇඹිලිපිටිය අයවැය යළිත් පරාදයි - සභාපති ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය පවතින ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ 2014 අයවැය යෝජනාවලිය අද යළිත් පරාජයට පත්වුණා. සභාපති එම්.කේ. අමිල මහතා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියට පක්ෂව හිමිවුණේ ඡන්ද 6ක් පමණයි. විපක්ෂව ඡන්ද 7ක් හිමිවූ අතර, ඒ අනුව වැඩි ඡන්ද එකකින් අයවැය පරාජයට පත්වුණා. අයවැය පරාජය වීමත් සමගම සභාපති එම්.කේ. අමිල මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.