කල් ඉකුත්වූ ඖෂධවලට නව ලේබල් යොදමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි මෙරටට ඖෂධ ආනයනය කරන පුද්ගලික ආයතනයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේද සහය ඇතිව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
හයිඩ්‍රෝසෝන් ඔයින්ටිමන්ටි නමැති ඖෂධ පෙට්ටි 4814ක් මෙහිදී සොයා ගෙන ඇති අතර දිනය වෙනස් කර එම ඖෂධ ටියුබය ඇතුලත් කිරීමට සකස් කර තිබු හිස් පෙට්ටි දස දහසක්ද (10,000) සොයා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ පවත්වන අතර අදාළ සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකූ සහ සේවකයින් දෙදෙනෙකූට නිතිමය කි‍්‍රයාමාර්ග ගැනිමට නියමිතයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.