බංග්ලාදේශය සමග පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඉනිමක හා ලකුණු 248කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 232ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 730ක් රැස්කළා. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 498ක් ඉදිරියෙන් සිටීමට සමත්වුණා. කෙසේවෙතත් දෙවන ඉනිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 250ක් පමණයි. දිල්රුවන් පෙරේරා කඩුලූ 5ක් බිඳහෙලීමට සමත්වුණා. ද්විත්ව ශතකයක් රැස්කළ මහේල ජයවර්ධන තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තා.
2014-01-30
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.