2014-01-30

කිඹුල්වානා මහ වැවේ රොන් මඩ ඉවත් කරන මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරමක්

මැල්සිරිපුර කිඹුල්වානා මහ වැවේ  රොන් මඩ ඉවත් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් වැලි ගොඩ දමන බවට ගැමියෝ චෝදනා කරනවා. විශාල වළවල් හැරීම නිසා ළිං ජලයද මේ වන විට හිඳී ගොස් ඇතැයිද ඔවුහු පවසනවා. 
ගිවිසුමට පටහැනිව වැලි ගොඩ දමන බවට ලැබුණු තොරතුරු නිසා දෙසතියකට පමණ පෙර එය නතර කළ බව හිරියාල වාරිමාර්ග ඉංජිනේරු එස් එම් ජයමාන්න මහත්මිය පවසනවා. ඇය එසේ කීවත් දිගමට වැලි ගොඩ දමන බව  එහි යන ඕනෑම අයෙකුට දැක ගත හැකි දසුනක් වනවා.  ට්‍රැක්ටර් විස්සකට ආසන්න ප්‍රමාණයක්ද  ටිපර් තිහ හතලිහක් පනහක්ද වැලි ඇදීමට යොදවා තිබෙනු දැක ගැනීමට හැකියි.
මෙම වැලි ගොඩ දැමීමේ වැඩේ නිසා කන්න කිහිපයක්ම කුඹුරු වගා කිරීමට නොහැකි වු බව ප්‍රදේශවාසීන් පවසනවා. 
වැව විනාශ කිරීමට එරෙහි වන අයට මරණිය තර්ජන එල්ල වන බවත් ප්‍රබල දේශපාලනඥයකු මේ පිටුපස සිටින බවත් ගැමියෝ පවසනවා. 










No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.