2014-04-20

දින 10කදී 80ක් මගමරුවාට බිළි

ගතවු දින 10තුල සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 80 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරන් මෙන්ම පදිකයින් ද අවධානය යොමුකළ යුතු බවයි. එසේම බීමත්ව රියපැදවීම සහ අධික වේගයෙන් රිය පැදවීම වැළකිය යුතු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. එසේම අවුරුදු මෙහෙයුම අවසන් වුවත් මෙම මෙහෙයුම දිගටම රථ වාහන පොලිස් නිලධාරීන් යොදවා සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවා. 
මේ අතර අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ බීමත් රියැදුරන් 130 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ ඉන් වැඩිම පිරිසක් යතුරුපැදිකරුවන් බවයි. එම සංඛ්‍යාව 67ක් වනවා. බීමත් ති‍්‍රරෝද රථ රියැදුරන් 43 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එ් අනුව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත් දා ආරම්භ කෙරුණු මෙහෙයුමේ දී මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු රියදුරන් සංඛ්‍යාව 1761ක්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.