දරුවා හැඬීමෙන් කෝපයට පත් පියකු තම එක් හැවිරිදි බිලිඳා පොළොවේ ගසා මරුමුවට පත්කළ අනුවේදනීය පුවතක් දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා හමුවේ පැවැති පරීක්ෂණයකදී අනාවරණය විය. මෙසේ මියගොස් ඇත්තේ කාවින්ද ප්‍රබෝද් තෙන්නකෝන් නමැති බිලිඳෙකි. ඒ සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉකුත් 23 වැනිදා පැවැති මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී මියගිය බිලිඳාගේ මව වන මහඔය නිල්ඔබ ආරපොත පදිංචි තිලානි ප්‍රියංගිකා (26) පැවැසුවේ පොළොවේ ගැසීමෙන් සිහිසුන් වූ දරුවා, ෆිට් එක හැදී ඇති බව පවසමින් රෝහලට ඇතුළත් කිරීමට සැමියා ක්‍රියා කළ බවයි.
ඉකුත් මස 26 වැනි දින එම පහර දීමට ලක් වූ බිළිඳා මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අම්පාර හා පේරාදෙණිය රෝහල්වලට මාරු කර ඇති අතර මියයන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්කි දෙමින් මරුමුවට පත් බිළිඳාගේ මව කීවාය. ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.
මහඔය පොළ පැවැති දවසක මමයි, පුතයි, සැමියයි අපේ නංගිලාගේ ගෙදර ගියේ. අපි එනවා දැක දැකත් නංගි දොර වහලා දාලා පොළට ගියා. අපි ගේ ළඟ තිබුණු ගහක් යට හිටියෙ. ඒ වෙලාවෙදි මගේ සැමියාත් 'ඔතැනට වෙලා හිටපන්' කියලා පොළට ගියා. ඔහු පොළට ගිහින් දවල් 12.30ට වගේ එද්දිත් නංගි ඇවිත් හිටියෙ නැහැ. සැමියා ගෙනාපු බඩුමල්ල මගේ අතට දීලා දරුවා වඩා ගත්තා. ටික දුරක් යද්දි දරුවා අඬන්න ගත්තු නිසා මම දරුවා ගන්න හැදුවත් සැමියා ඊට ඉඩ දුන්නේ නැහැ. ඔහු දරුවාගේ ඔළුව අල්ලලා හයියෙන් හොලවලා දරුවා පොළොවේ ගැහුවා. මම වඩාගන්න හදද්දිත් 'ඔහොම ඉඳපිය' කියලා ඊට ඉඩ දුන්නෙ නැහැ. ආයෙ දරුවා අඬන්න ගත්තා. ඒ වෙලාවෙත් දරුවාගේ ඔළුව හයියෙන් හොලවලා දරුවා පොළොවේ ගැහුවා. දරුවාට සිහිය නැතිවුණා. මම බලෙන්ම දරුවා වඩාගෙන ආයෙ නංගිලාගේ ගෙදරට දුවගෙන ආවා. සැමියාත් මගේ පස්සෙන් දුවගෙන ආවා. නංගීගේ නිවෙස ආසන්නයේ ඉන්න මාමා කෙනකුට සිද්ධිය කිව්වට පස්සෙ ඒ මාමා කෝල් කරලා ත්‍රීවීල් එකකට එන්න කිව්වා. මහඔය රෝහලේදී සැමියා දොස්තර මහත්තයට කිව්වා දරුවාට ෆිට් එක හැදුණා කියලා. ඊට පසුව සැමියා නිවෙසට ගියා. දරුවා අම්පාර රෝහලට ගෙනියන්න අවශ්‍ය ඇඳුම් අරගෙන එන්නම් කියලා. මම ඒ වෙලාවෙ දොස්තර මහත්තයාට කිව්වා සැමියා දරුවා පොළොවේ ගැහුව බව.
දැඩි සෙලවීම නිසා මොළයට හා හිසට සිදුවූ බරපතළ හානිය නිසා මරණය සිදුව ඇති බවට පේරාදෙණිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. පී. පී. සේනසිංහ මහතා තීරණය කළ අතර සැකකරු වන තෙන්නකෝන් මුදියන්සේලාගේ විමලදාස නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

මව්බිම
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.