2014-04-26

කොලිවුඩයේ සුපිරි තරුව කවුරුන්ද යන්න ජිල්ලා ඔප්පු කළා

වසරකට විශාල චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කරන කොලිවුඩ් සිනමාව මෑත කාලීනව ඉහළ ගණයේ නිර්මාණද බිහි කරමින් ලෝක සිනමාවේ අවධානයට පාත්‍ර වෙමින් පවතියි.
මේ වසර ආරම්භයේදී කොලිවුඩ් සිනමාවේ වැඩි අවධානයක් දිනාගත් චිත්‍රපට දෙක බවට පත්වූයේ අජිත් කුමාර් රඟන ‘වීරම්’ චිත්‍රපටයත් විජේ රඟන ‘ජිල්ලා’ චිත්‍රපටයත්ය. චිත්‍රපට දෙක තරගෙට තිරගත වීම ඇරඹීමට පෙර බොහෝ දෙනකුගේ අදහස් වූයේ අජිත් කුමාර් රඟන ‘වීරම්’ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබාවි කියා. එනමුත් මේ වන විට ආර්.ටී. නීසන් අධ්‍යක්ෂණය කළ ජිල්ලා ඉන්දීය රුපියල් කෝටි 110 ක ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා අතර පසුවන අතර ජිල්ලා චිත්‍රපටයේ නිෂ්පාදන වැය වූයේ ඉන්දීය රුපියල් කෝටි 50 කි. ජිල්ලා හා වීරම් අතර තරගයෙන් මේ වන විට පැහැදිලි වන්නේ කොලිවුඩයේ සුපිරි තරුව විජේ බවය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.