2014-04-27

ජනපතිවරණයක් එපා ජනපති ක්‍රමය ඉවර කරමු - ආණ්ඩුවේ පක්ෂ තුනක් කියයි

තවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව ආණ්ඩුව නියෝජනය කරන වමේ පක්ෂ තුනක් කියා සිටිනවා. 

දැන් තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කිරීම පමණක් බවද එම පක්ෂ පවසනවා. 

ආණ්ඩුව නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසිදේව නානායක්කාර යන ඇමැතිවරු තිදෙනාම මෙම ඉල්ලීම රජයට ඉදිරිපත් කර ඇත. 

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවසුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව වමේ පක්ෂ එකතුව සමාජවාදී ජනතා පෙරමුණ පමණක් නොව සියලුම දේශපාලන පක්ෂ කියා සිටින බවයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.