2014-04-27

දෙමළ ප්‍රශ්න විසඳන්න TNA එකට උවමනාවක් නෑ

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට සාධාරණ විසඳුමක් ලබාදීමට දෙමළ ජාතික සන්ධානයට අවංක උවමනාවක් නැතැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා චෝදනා කරනවා. 

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් විවිධ රටවල සංචාරය කරමින් දෙමළ ජනයාට විසඳුම් සොයන බව ප්‍රකාශ කළත් සැබෑවටම එවැන්නක් සිදු නොවන බවද ඔහු පවසනවා. 

කාලයක් ඉන්දියාවට ගියා. දැන් ඒ අයත් එක්ක තරහයි. ඊළඟට ඇමරිකාවේ ගියා. මේ ළඟදි දකුණු අප්‍රිකාවේ ගියා. තව කොහේ කොහේ යයිද කියන්න දන්නෙ නෑ. ඒ ගොල්ලෝ යන ගමන් ගැන හැමෝටම කියන්නෙත් නෑ. යනුවෙන් පැවසූ සංගරී මහතා මේ සියලු කරුණු අළලා ඉදිරි දිනෙකදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කිරීමට තමන් පියවර ගන්නා බවද පැවැසීය. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.