2014-04-27

මිෂෙල් ඔබාමා රංගනයට

රටේ ජනාධිපති ආර්යාව රංගන ශිල්පිනියක් වුවහොත් හැමදෙනාම ඒ පිළිබඳව කතාබහ කරන්නේ එය සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් වන නිසාය. එහෙත් ඇමෙරිකාවේ පළමු කාන්තාව මිෂෙල් ඔබාමා අභියෝගවලට හෝ විවේචනවලට බියක් දක්වන කාන්තාවක නොවේ. එම නිසාම ඇය ඇමෙරිකානු සංගීතමය නාට්‍ය මාලාවක් වන නාෂ්විල් හි ඊළඟ කතාංගයේ ගරු රඟපෑමකට එකඟත්වය පළ කොට තිබේ. ඇය එහි කෙටි විචිත්‍ර රංගනයක යෙදෙන්නේ ඇගේම චරිතය වෙනුවෙන් වීම විශේෂත්වයකි.

කාල වර්ණ හිසකෙස් සහිත 50 හැවිරිදි මේ සුරූපිනිය දරුවන් දෙදෙනෙකුගේ මවකි. කැමරාව ඉදිරියේ පෙනී සිටින්නට තමා තුළ කිසිදු බියක් සැකක් නැතිව බව ඇය කියන්නේ විශ්වාසයෙන් යුතුවය. 
"කළු වුණත්, සුදු වුණත් තමන්ගේ පෙනුම ගැන සතුටු වෙන්න ශක්තිය කාන්තාවකට තියෙන්න ඕන... අනිත් එක කවදාවත් මට බෑ කියන වචනේ කියන්න එපා... තමන් කැමැති දෙයක් කරන්න කාන්තාවන්ට නිදහස තියෙන්න ඕන...." මිෂෙල් ඔබාමා පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.