2014-04-28

මම කැලණියෙන් යන්නේ නෑ - ඇමැති මර්වින් කියයි


ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයෙන් ඉවත් වන බවක් වාර්තා විය. එම ආසනයේ විවිධ කලබැගෑනිවලට ඔහුගේ නමද සම්බන්ධ වූ බව නොරහසකි. කැලණිය ආසනයෙන් ඉවත් වනවාද යන්න පිළිබඳව ඔහුගෙන් විමසා බැලුවෙමි.

ප්‍රශ්නය - කොහොමද ඔබ?
පිළිතුර - සුවෙන්. සැපෙන් ඉන්නවා.
ප්‍රශ්නය - ඔබ කැලණියෙන් ඉවත් වෙනවා කියලා ආරංචියක් තියෙනවා.
පිළිතුර - මම ගැන විතරක් නොවෙයි. මේ මනුස්ස ලෝකේ මනු රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා වර්ෂ 30400ක කාලේ ඉඳල කටකතා ආරංචි පැතිරෙනවා.
ප්‍රශ්නය - මගේ ප්‍රශ්නයට ඔබ පිළිතුරක් දුන්නේ නැහැ.
පිළිතුර - පත්තර උදවියට ඒක හරියට කියෙව්වා නම් තේරෙනවා.
ප්‍රශ්නය - ඒ කිව්වේ.
පිළිතුර - මට භාර දුන්න වැඩේ ඉවරයි. කැලණිය හදල ඉවරයි. තවත් දුෂ්කර ගමක් හදන්න අවසර ඉල්ලුවා. මමත් ඉතින් ගොඩේ මිනිහනේ.
ප්‍රශ්නය - ඔබට අවසර ලැබෙන්න ඇති.
අද ගෑනු ළමයන් වදන්න හොරයි. වදන්නෙ ළමයි දෙන්නයි. මගේ ගෑනිත් එහෙමයි. ළමයි 8ක් ඉන්න අම්මට මම වීර සම්මානයකුත් දීලා ගෙයකුත් හදල දීල මාසෙකට කිරි පිටි පැකට් 30ක් බැගින්අරගෙන දෙනවා.
පිළිතුර - මාත් එක්ක බොහෝම විශාල පිරිසක් ඉන්නවානේ. ඔවුන්ගේ කීමට මට අකීකරු වෙන්න බැහැ. දේශපාලනඥයකුට කාට අකීකරු වුණත් ජනතාවට අකීකරු වෙන්න බැහැ.
ප්‍රශ්නය - ඔබේ වටේ ඉන්න අය යන්න එපා කිව්වා.
පිළිතුර - තනි මතයට මට කටයුතු කරන්න බැහැනේ. දේශපාලනඥයෝ හැමදාම හැම විටම ජනතාව ගැන බලන්න ඕනෑ. ජනතාව ගැන බලල මම ඊයේ හොඳ වැඩක් කළා.
ප්‍රශ්නය - මොකක්ද?
පිළිතුර - තාත්තට අවුරුදු 33යි. අම්මට අවුරුදු 30යි. ළමයි 8යි.
ප්‍රශ්නය - ලොකු පවුලක්
පිළිතුර - අද ගෑනු ළමයන් වදන්න හොරයි. වදන්නෙ ළමයි දෙන්නයි. මගේ ගෑනිත් එහෙමයි. ළමයි 8ක් ඉන්න අම්මට මම වීර සම්මානයකුත් දීලා ගෙයකුත් හදල දීල මාසෙකට කිරි පිටි පැකට් 30ක් බැගින් අරගෙන දෙනවා.
ප්‍රශ්නය - ඔබ බොහොම හොඳ දෙයක් කරන්නේ.
පිළිතුර - ඕකනේ. අපි හොඳ දෙයක් කරාම මාධ්‍ය කතා කරන්නේ නැහැ. මට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ. මම කොයි තරම් දේවල් කරල තියෙනවද?
ප්‍රශ්නය - ඔබ කැලණියෙන් යනවාද?
පිළිතුර - හදාගත්ත පැල දාල කොහේ යන්නද?
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබ කැලණියෙන් යන්නේ නැහැ.
පිළිතුර - නැහැ


උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.