2014-04-27

කරිනාගේ කාමුක තෙල්

කාමුක තොල් සඟලක් හිමි නිළිය වශයෙන් මෙතෙක් බොලිවුඩ් හි නම රඳවාගෙන  සිටියේ බේබෝ යන සුරතල් නමින් හැඳින්වෙන කරිනාය. ඇගේ තොල් කාමුක පමණක් නොව ස්වභාවික බවද සියල්ලෝම දනිති. ඇතැම් නිලියෝ කෘත්‍රීම ක්‍රම උපයෝගී කරගෙන එවන් තොල් සඟලකට හිමිකම් කියන්නට උත්සාහ දැරූහ. එහෙත් ඒවා සාර්ථක වූයේ 

තාවකාලිකව පමණකි. බේබෝට මෙන් ‍තොල් උල් කිරීමටවත් ඒ තොල් එහා මෙහා කොට පාන මද සිනාවෙන් හදවත් සසල කිරීමටවත් ඒ කිසිම නිළියකට පුළුවන්කමක් තිබුනේ නැත. 
"කාන්තාවන් මගේ තොල්වල ස්වභාවයට විතරක් නෙමෙයි ආලේපනවලටත් කැමැතියි කියලයි මම හිතන්නේ... මගේ ඇස් අනුරාගී විදියට දිස් වෙනවටත් මම හරි ආසයි... මම ඒ සඳහා ආලේපන යොදා ගන්නවා..." බේබෝ පවසනවා.

සනී ලියෝන්ට ඇත්තේ සිපගැනීමේ පෙළඹවීම සහිත තොල් සඟලකැයි පසුගිය කාලයේ ක්ෂේත්‍රය තුළ මතයක් පැතිරිණි. එම නිසාම ඇය බේබෝට අභියෝගයක් වෙනු ඇතැයි සමහරු සිතූහ. එතේ දැන් ඒ මතය වෙනස් වී තිබේ. කාමුක තොල් සහිත රැජිණ විරුදාවලිය තවතමත් දරන්නේ ‍බේබෝමය. 



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.