2014-04-27

එජාප මන්ත්‍රීවරු තානාපතිවරුන් දැනුවත් කිරීමට සැරසෙයි

ඉදිරි සතියේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවෙහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සියලුම තානාපති නිලධාරීන් හමුවී ඔවුන් දැනුවත් කිරීමේ සාකච්ඡා වටයක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි වාර්තා වනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මංගල සමරවීර යන මහත්වරුන් මෙලෙස ඉදිරි සතියේදී අදාළ සාකච්ඡා වටය සඳහා සහභාගි වීමට සූදානමින් සිටින බව ද වාර්තා වනවා. 

වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලව තිබෙන බරපතල අභි‍යෝග ඇතුළුව රට මුහුණ පා තිබෙන අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අදාළ සාකච්ඡා වටයේදී තානාපතිවරුන් දැනුවත් කිරීමටත් ඒ තත්ත්වය හමුවේ විපක්ෂය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ඇතැමුන් ගෙන යන සාවද්‍ය ප්‍රචාර නිවැරදි ඒවා නොවන බව සනාථ කිරීමටත් පියවර ගන්නා බව රජාප අභ්‍යන්තර‍ දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.