2014-05-03

ඇෆ්ගනිස්ථානයේ 3000ක් පණපිටින් වැළලෙයි

උතුරු ඇෆ්ගනිස්තානයේ සිදු වූ නායයෑමකින් 350ක් මියගොස් තවත් පුද්ගලයන් 2500ක් පමණ අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නායයෑම් සිදුවන්නට ඇති බවත්, ආපදාවට පත්වූවවන් මුදවාගැනීම සඳහා සහන සේවකයන් යොදවා ඇති බවත් ඇෆ්ගනිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසනවා. ඉන් වැඩි හානියක් සිදු වී ඇත්තේ බාදාක්ෂාන් පළාතටයි.

බාදාක්ෂාන් පළාත නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ටජිකිස්තානය, චීනය හා පාකිස්තාන දේශසීමාවට වන්නට පිහිටා ඇත.

පසුගිය කාලයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේද ඇෆ්ගනිස්ථානයේයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.