අලි කොල්ලකරුවන්ට පොලීසියෙන් ආරක්ෂාව
මාධ්‍යවේදියකුටත් ප්‍රහාරයක්
උඩවල ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවෙකු සොරකම් කිරීමට පැමිණියේ වනජීවි ඇති විජිත්විජිතමුණි සොයිසාගේ ඥාති පුත්‍රයෙකු බව තොරතුරු දන්නා ප්‍රදේශවාසියෙකු ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙත පැවසීය. අදාල සොරකම් සිදුකිරීමට පැමිණි පිරිස ගමන් ගත් වාහන කොළඹ ප්‍රදේශයේ ලියාපදිංචි ඒවා වන අතර පැමිණි පිරිසට පොලිස් ආරක්ෂාව නොමදව ලැබුනු බවද පැවසීය.
අදාළ සිදුවීම වීඩියෝ කරමින් සිටි ප්‍රදේශිය මාධ්‍යවේදියෙකු වන මහින්ද පුෂ්පකුමාරගේ කැමරාව ඇමතිගේ පුත්‍රයා ඇතුළු පිරිස විසින් උදුරාගෙන එහි තිබූ කැසට් පටය ඔවුන් විසින් ගලවා ගෙන ඇති බවද නැවත එය ඉල්ලා ගැනීමට යාමේදී ඔහුද ජීප් රථයක නංවාගෙන යාමට තැත්කොට ඇත. මේ සියල්ල වන තෙක් අවි සහිත පොලිස් නිලධාරීන් නිසොල්මන්ව බලාසිට ඇති බවද වාර්තාවේ.
කෙසේ නමුත් මෙම සිදුවීමේදී ගල්පාය ගම්වාසීන් විසින් අලි පැටවා පැහැරගැනීමට ඉඩ ලබානොදුන් අතර ඔවුන්ගේ පරිශ්‍රමය නොමැති නම් අලි පැටවා නිර්වින්දනය කොට පැහැරයාමට හැකියාව තිබූ බවටද ගම්වාසීන් පැවසීය.

theindependent.lk

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.