2014-06-27

අතවරයක ප්‍රතිඵලයක් වූ අමෙරිකානු රූ රැජිනක්

2014 ඇමෙරිකානු රූ රැජින තේරීමේ තරග මේ දිනවල පැවැත්වෙනවා. එහි අවසන් වටයේ 20 දෙනට අතරට තේරී පත්ව සිටින පෙන්සිල්වේනියා ප්‍රාන්ත රූ රැජින වන 24 හැවිරිදි වැලෙරි ගැමෝ තමා අතවරයක ප්‍රතිඵලයක් බව පැවසෙනවා. 

ඇගේ මව 19 වැනි වියේදී නාඳුනන පුද්ගලයෙකු අතින් දූෂණයට ලක්වී, එහි ප්‍රතිඵලයක් ලෙස තමා මෙලොවට බිහිවූ බවත් අතවරයකින් පසු තමා මෙලොවට බිහිවී,  මෙලොවට යම් පණිවිඩයක් ගෙන ඒමට දෙවියන්ට වුවමනාවක් පවතින්නට ඇති බවත් ඇය නිර්භයව ප්‍රකාශ කර සිටිනවා.

පීට්ස් බර්ග් සරසවියේ උපාධිධාරිනියක වන ඇය මේ වනවිට කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන්වලටද පෙනී සිටින අතර ඇමෙරිකානු රූ රැජින තරගාවලිය හරහා ද කාන්තාවන්ට සිදුවන අතවර පිටුදැකීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට උත්සාහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ. 






No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.