2014-06-28

මහර මහේස්ත්‍රාත්වරියටත් සිතාසි

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු විසිනව දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් මහර මහේස්ත්‍රාත්වරිය ඇතුළු සාක්ෂිකරුවන් සිව්දෙනෙකුට සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වනවා. 

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු විසි නව දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය සමඟ සාක්ෂි ලබාදීම සඳහා අනුරාධපුර විශේෂ මහාධිකරණයේ භාෂා පරිවර්තක ඉර්ෆාන් යාකුබ් ලෙබ්බෙ, අනුරාධපුර බන්ධනාගාරයේ සැරයන්වරයෙකුට සහ අධිකරණ ලඝු ලේඛිකා තනුජා කුමාරි යන අයට මෙලෙස සිතාසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මහර වත්මන් මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නීතිපතිවරයා විසින් නම් කිරීමට හේතු වී ඇත්තේ නඩුවේ දෙවන විත්තිකරු එම අපරාධයට සම්බන්ධ බවට වන පාපෝච්චාරණයක් දර්ශිකා විමලසිරි මෙනවිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරියව සිටියදී සිදුකර තිබීම හේතුවෙන්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.