රුපියල් එක්ලක්ෂ විසිදෙදහසක් හා ඉහළ දිනුමක් ඇදී තිබු ලොතරැයි පතක් සහිත මුදල් පසුම්බියක් මහමඟ වැටී තිබී අහුලා ගත් කුලී නිවෙසක පදිංචි විසිතුන්හැවිරිදි තරුණයකු ඊයේ (22) ඇල්පිටිය පොලීසියේදි එම මුදල් ඇතුළු සියළු දේ නියම හිමිකරු සොයා භාරදීමට කටයුතු කිරිමේ දුර්ලභ සිද්ධියක් වර්ථා වනවා.
මුදල් සහිත පසුම්බිය අහුලා ගෙන නියම අයිතිකරුට භාරදීමට කටයුතු කළ තරුණයන් දෙදෙනා අතරින් 23 හැවිරිදි විවාහක තරුණයා කුලී නිවෙසක පදිංචිව සිටින අයකු බවත් ඔහුගේ 22 හැවිරිදි බිරිඳ මොළයට විස බීජයක් ඇතුළුවීමෙන් දැඩි ලෙස රෝගාතුර වී සිට මදක් සුවය ලබා නිවසේ සිට ප‍්‍රථිකාර අයකු බව දැඩඩි ආර්ථික පීඩා මැද ජිවත් වුවත් අන්සතු දේ තමන් සතු කර ගැනීමේ පුරුද්දෙන් කුඩා කළ සිටම ඈත්වු ආදර්ශමත් තරුණයකු බව අසල්වැසියන් හා ඔහුගේ ගුරු මව්පියෝ කියති.
මෙම ආදර්ශමත් සත්ක‍්‍රියාව කළේ බැකෝ රියඳුරකු හා සහයකයකු වන යක්කටුව පතිරාජ මාවත පදිංචි (23) හැවිරිදි වළව දුරගේ ශාලිත මධුෂංක (රියදුරු) හා පිටිගල කොස්හිංගල (19) හැවිරිදි එම්.තිලාන් කුසන්ත (සහයක) යන තරුණයන් දෙදෙනා වේ.
මුදල් හිමිකරු වූයේ බොරකන්ද කරන්දෙනියේ පදිංචි මනෝජ් රුවන් චින්තක එගොඩගේ (30) නම් එක් දරු පියෙකුගේ වන අතර ඔහුගේ බිරිද වන අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යලයේ 09 වසර අංශභාර අචාරිණි එම්.කේ. චන්දිමා ලක්මිණි නැමැති ගුරුතුමිය අනතුරකට ලක් වීම නිසා ඇයගේ ප‍්‍රථිකාර සඳහා මෙම මුදල් තමන් විසින් ත‍්‍රීරෝද රථයකින් රැුගෙන යමින් සිටියදි ඇල්පිටිය නගරයේ වැටී ඇති බව නොදැන නිවසට ගොස් මුදල් පසුම්බිය සෙවීමේදි එය නැති බව දැනගන්නට ලැබුණ පසු තමන් මහත් අසරණතාවයට හා වේදනාවට පත් වූ බවත් රුවන් චින්තක මහතා කීවේය.
තමන්ගේ බිරිද හදිසි අනතුරකින් පාදය බිදී මාස 03 ක් එක් තැන්ව සිටින බවත් ඇයගේ පාදයට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රථිකාර සඳහා සොයා ගත් මුදල් සහිත පසුම්බිය ඇල්පිටිය පිටුවල පාර මංසන්ධියේ බුදු පිළිමය අසලදි වැටි තිබියදි වැඩ නිමවා යතුරු පැදියකින් නිවෙස බලා යමින් සිටි තරුණයින් දෙදෙනකු පෙරේදා (21) රාත‍්‍රී 7.45 ට පමණ මුදල් පසුම්බිය අහුලා ගෙන ඇති බවත් එය භාරගැනීමට පොලිසියට එන්නැයි ඊයේ උදේ පාන්දර තමන්ට ශාලිත මධුෂංක මල්ලී දුරකථනයෙන් දැනුම් දුන් අවස්ථවේ මට කියා ගන්න බැරි තරම් පුදුමයක් හා සතුටක් ඇති වුණා යැයි හෙතෙම ඇල්පිටිය පොලීසියේදි කිවේය.
පර්ස් එකේ ලොතරැයි 07 ක් තිබුණා ඉන් එකක් ඉහල මුදලක් ඇදී තිබෙන දිනුම් ටිකට්පතක් රෝගී බිරිඳ එන 25 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්න ඕන. කකුලේ සැත්කමක් සඳහා කොළඹ ගිය විට ටිකට් එකේ දිනුම් සල්ලි ගන්න හිතාගෙනයි හිටියේ මේවා නැති බව දැනුනම මට ජීවිතෙත් එපා වුණා. අන්තිමේදී මේ කිසිම දෙයක් නොඅඩුවම මට ලැබුණා මේ මල්ලිලා දෙන්නගේ ගුණයහපත්කම නිසා යැයි මුදල් හිමිකරු කිවේය.
වළව දුරගේ ශාලිත මධුෂංක (23) පතිරාජ මාවත යක්කටුව ලිපිනයේ පදිංචි අයෙකි. ඇල්පිටියේ කුඩාගල ප‍්‍රදේශයේ විවාහ වු ඔහු මේ වන විටත් මාසික කුලී නිවෙසක පදිංචිව සිට දැඩි ලෙස රෝගාතුර වූ නිවසේ සිටින සිය බිරිඳගේ ප‍්‍රථිකාර සඳහා මුදල් අවශ්‍යතාවයන් කොතෙකුත් තිබී ඇත.
එහෙත් මහමග වැටී තිබු රුපියල් එක්ලක්ෂ විසිදෙදහසකට අධික මුදලක් හා ජාතික හැඳුනුම්පත සේවා හැදුනුම්පත බැංකු කාඞ් 02ක් ක්‍රෙඩිට් කාඞ් 01 ක් ලොතරැයිපත් 07 ක් සහිතව මුදල් පසුම්බිය නියම හිමිකරුගේ ලිපිනය ඔස්සේ ඊයේ පාන්දර 6.00 ට එම නිවසට ගොස් පණිවිඩය කියා ඇල්පිටිය පොලීසියේදි එය භාර ගැනීමට එන ලෙස ඔහුගේ සහයක තිලාන් කුසන්ත සමග එක්ව කටයුතු කිරීම රටටම ආදර්ශ මහඟු කි‍්‍රයාවක් බව ඇල්පිටිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති කේ.එම්.අනුර විජේසිංහ හා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එස්.සිල්වා යන මහත්වරු කිවේය.
දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සි.ඩි.වික‍්‍රමරත්න මහතා ඊයේ ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිමට නියමිතව ඇති බවත් හෙතෙම ඉදිරියේ මෙම මුදල් පසුම්බිය හිමිකරුට භාරදීම සඳහා දවල් 10.00 වන තෙක් රැඳී සිටින ලෙසට ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුළ වීරසිංහ මහතා මුදල් අහුලා ඇති එම තරුණයන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියත් ඔවුන් පැවසුවේ තමන් භාරගත් වැඩ කිරීමට තිබෙන නිසා වැඩට යාම අත්‍යාවශ්‍යව බවයි.
එම ඉල්ලීම පසෙකළා තමන්ගේ රාජකාරියට මුල්තැනදීම පිළිබඳවත් මෙම තරුණයින් දෙදෙනාගෙන් අපට ගතහැකි මහඟු ආදර්ශ රැසක් දක්නට ලැබුණු බව කියමින් ඔවුන්ගේ සත්ක‍්‍රියාව පිළිබඳව විවිධාකාරයේ වටිනා ගුණාංග රැසක් තිබුණු බව පොලිස් නිළධාරින් කතා කරනු අපට ඇසුණේ තරුණයින් දෙදෙනා පොලිසියෙන් පිටව ගියපසුවයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.