ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා කැඳවමින් සහ එම පළාත් සභාවේ බදුල්ල හා මොනරාගල දිස්‌ත්‍රික්‌ක දෙකට තේරී පත්විය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව නියම කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ඉකුත් ජුලි 16 දා නිකුත් කරන ලද අංක 1871/32 දරන අතිවිශේෂ ගැසට් නිවේදන, නීති විරෝධී සහ බලරහිත බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඊයේ (21 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ පෙත්සමක් ගොනු කෙරුණා.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින මැතිවරණ කොමසාරිස් සහ නීතිපති උසාවි කැඳවා පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වන තෙක් එම ගැසට් නිවේදනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
බදුල්ල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ බදුල්ල දිස්‌ත්‍රික් එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී එච්. ඩබ්. ටී. මිහිමාල් මුණසිංහ මෙහි පෙත්සම්කරුවෝ වනවා.
මොනරාගල හා බදුල්ල දිස්‌ත්‍රික්‌කවලට ඌව පළාත් සභා මැතිවරණයේදී තේරී පත්විය යුතු මන්ත්‍රී සංඛ්‍යාව නියම කරමින් එකී අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2004 වසරේදී සංශෝධනය කරන ලද 1988 සම්මත කළ පළාත් සභා මැතිවරණ පනතේ අංක. 03 රෙගුලාසිය යටතේ බවත් පාර්ලිමේන්තු පනතකින් හැර ඔහුට ඒ ආකාරයට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලයක් නැති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් කියා සිටිති.
මැතිවරණ කොමසාරිස්‌වරයා නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා මන්ත්‍රී ආසන 3 ක් මොනරාගල දිස්‌ත්‍රික්‌කයට ලබාදී ඇති බවත් ඔහු කියා සිටින පරිදි ඔහු එම තීරණය ගෙන ඇත්තේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ භූමි ප්‍රමාණය ගැන සලකා බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැඩි තැනක් දිය යුත්තේ ජනගහනය අනුව මිස භූමි ප්‍රමාණය අනුව නොවන බවත් එනිසා ඔහු මොනරාගල දිස්‌ත්‍රික්‌කයට ආසන 3 ක් වැඩිපුර ලබාදීමට ගත් තීරණය නීතියට සහ සාධාරණ යුක්‌තියේ මූලධර්මවලට පටහැනි බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ගත් එකී තීරණ හේතු කොටගෙන ඡන්දදායකයන් වැඩි දෙනෙකුට තමන් කැමති අපේක්‍ෂකයෙකු තෝරාපත් කර ගැනීමට ඡන්ද දායකයන්ට අයිතිය අහිමිකර ඇති බවත් මොනරාගල පුද්ගලයන් 32013 කට එක් මන්ත්‍රීවරයෙක්‌ද බදුල්ල පුද්ගලයන් 45068 කට එක් මන්ත්‍රීවරයෙක්‌ද තෝරා පත්කර ගැනීමට අවස්‌ථාව සලස්‌වා ඇති බවත් පවතින පළාත් පාලන මැතිවරණ රෙගුලාසි අනුව පළාතක පදිංචි පුද්ගලයන් 40,000 කට එක මන්ත්‍රීවරයෙකු පත් විය යුතු බවත් මැතිවරණ කොමසාරිස් ගෙන ඇති හිතුවක්‌කාර අත්තනෝමතික තීරණය හේතුකොටගෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12(1) 14(1)ඊ වගන්තිවලින් සහතික කොට ඇති මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.