දික්වැල්ල රත්මලේ බඹරැන්ද මාර/සද්ධර්මරාජ විද්‍යාලයට අලුතෙන් පැමිණි විදුහල්පතිවරයා ඊයේ (21 දා) උදැසන වැඩ භාර ගැනීම සඳහා කාර්යාලයේ භාණ්‌ඩ පරීක්‍ෂා කරමින් සිටියදී ලාච්චුවක තිබී අත්බෝම්බයක් හමුවී ඇතැයි දික්‌වැල්ල පොලිසිය පවසනවා.
මෙම අත්බෝම්බය ශ්‍රී ලංකා හමුදාව භාවිත කරන විදේශීය රටක නිෂ්පාදිත එකක් බව අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩබැලූ විදුහල්පතිවරයා පවසා ඇත්තේ තමා වැඩ බැලූ අවුරුදු දෙකක පමණ කාලය තුළ මෙම ලාච්චුව විවෘත නොකළ බවයි.
දික්‌වැල්ල පොලිසිය බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළ අතර දික්වැල්ල පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.