2014-08-06

දැරියන් දෙදෙනකු සමූහ දූෂණය කළ 4ක් අල්ලයි

කළුතර ප්‍රදේශයේදී 14 හැවිරිදි බාලවයස්කාර දැරියන් දෙදෙනකු පසුගිය මස 26 දින නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා භටයකු ඇතුළු සැකකරුවන් 4 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කෙළේ මේ සිද්ධියට හමුදා භටයකුද සම්බන්ධ වී ඇති බවත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය. සැකකරුවන් විසින් මේ දැරියන් දෙදෙනා පානදුර වෙරළ තීරයේදීත් කළුතර දකුණ සේරුපිට ප්‍රදේශයේ රබර් ඉඩමකදී සහ කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයකදීත් දූෂණයට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ට අමතරව මේ ස්ත්‍රී දූෂණය හෝටල් කාමරයකදී සිදුකිරීම සඳහා අනුබල දීම සම්බන්ධයෙන් හෝටල් කළමනාකරුවකුද එම දැරියන් දෙදෙනා අපහරණය කිරීමට රැගෙන ගිය ත්‍රිරෝද රථය පොලිසිය භාරයට ගැනීමට යෑමේදී එය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ත්‍රිරෝද රථය රැගෙන ගිය පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර එම දැරියන් දූෂණය කරන අවස්ථාව හා වෙනත් ලිංගික දර්ශන ඇතුළත් ජංගම දුරකතන දෙකක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

මේ සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 7දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.