වවුනියාව මන්නාරම නගර වල සිට අනුරාධපුර හරහා කොළඹ දක්වා ධාවන කෙරෙන පෞද්ගලික දුරගමන් මගී බස් රථ වලින් ගංජා හා දඩ මස් ප්‍රවාහනය කරන බව මගීන් පෙන්වා දෙති. මෙම බස් රථ වල රියදුරන් විසින් රියදුරු අසුන් යට සහ නාමපුවරුව සවිකර තිබෙන ස්ථානය තුල සගවාගෙන ගංජා, මුවමස්, ගෝන මස්, වල් ඌරු මස් සහ ගවමස් ප්‍රවාහනය කරන බව ඔවුන් පැවසුහ. මෙම රියදුරන් විසින් අනුරාධපුර පැරණි බස් නැවතුම්පොලේ සිටින තරුණයන් කිහිපදෙනෙකුට මෙම පාර්සල් ගෙනවිත් දෙන බවත් මෙම ජාවාරම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හීදී උදෑසන කාලයේ සිදුවන බවද මගීන් පෙන්වා දුන්හ.
මෙම ජාවාරම පිළිබදව අනුරාධපුර මුලස්ථාන පොලීසියට නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් පැවසුවත් පොලිස් නිළධාරීන් ක්‍රියාත්මක වු බවක් පෙනෙන්නට නැති බවද මගීන් පැවසුහ. එම නිසා මෙම නීතිවිරෝධී ව්‍යාපාර වන නිරත වන රියදුරන් නීතියේ රැහනට හසු කර ගැනීමට සහ මගී බස් රථ නීතිවිරෝධී ක්‍රියාවන් වල යෙදවීම වහාම නතර කිරීමට පොලිස් නිළධාරීන් කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා දුන්හ.
2014-08-12
දුර ගමන් සේවාවලින් මගීන්ට අමතරව රැගෙන යන්නේ මොනවාද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.