වයඹ ප්‍රධාන ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අක්‌මීමන ප්‍රාදේශීය සභා භූමියේ පැවැති රට රකින නිල් පවුර-සුරකිමු මවුබිම තේමාව යටතේ අක්‌මීමන ආසන නියෝජිත සම්මේලනයේ සම්මන්ත්‍රණය අමතමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.
තුන්දෙනාම එකට ගේනවා කිව්වා. කවුද මේ තුන්දෙනා. සජිත්, රවි, කරූ තමයි තුන්දෙනා. දැන් මොකද වෙලා තියෙන්නේ. දැන් මේ දවස්‌වල ෆයිට් එක. සජිත් කියනවා මට නියෝජ්‍ය නායකකම දෙන්නෙ නැත්නම් එක වේදිකාවක නගින්නේ නෑ කියලා. එතකොට රවි කරුණානායක මොකද කියන්නේ. සජියට දුන්නොත් නියෝජ්‍ය නායකකම මම මරාගෙන මැරෙනවා කියනවා. මෙහෙම ආරවුලක් එතන තියෙන්නේ. ඉතිං දැන් හරීන් හතර ගාතෙන් වැටිල මෙහෙම කියනවා. මම හැදුවා මේක එකතු කරන්න. හරි ගියේ නෑ. මම මේ දිනන්නවත් පරදින්නවත් නෙමේ යන්නේ. නිකන් මම මේ ඡන්දෙට ආවේ. පටන් ගත්තේ කොහොමද? දෙනවා ගේමක් කියලා. ඕකම තමයි ප්‍රශ්නේ. මේ තුන්දෙනා එකට නගිනවා කිව්වානේ. මේ වෙනතුරු තාම තුන්දෙනා එකට නැග්ගේ නෑ නේද? රනිල් නගින එකට සජිත් නගින් නෑ. සජිත් නගින එකට කරු නගින් නෑ. කරු නගින එකට කවුරුත් නගින් නෑ. ඉතිං මේක කවදාවත් වෙන්නේනෑ. ඉතිං කොහොමද ආණ්‌ඩුවක් හදන්නේ. ඒක තමයි අද එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇත්ත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.