2014-08-30

සනී ලියෝන්ට ලිංගික අල්ලස් චෝදනාවක්

ලිංගික අල්ලස් චෝදනා සොඳුරු බොලිවුඩ් පුරවරයට ආගන්තුක නැත. මෑතකදීම චෝදනාවේ ගොදුරක් වී ඇත්තේ නිල් චිත්‍රපටවල රඟන තාරකාවකි. ඇය සනී ලියෝන්ය.

සනී ලියෝන් බොලිවුඩ් පුරයට පා තැබුවේ නිල් චිත්‍රපටවල රඟපෑමට නොව දේදුණු වර්ණයේ සිතුවම්පටයක ප්‍රධාන තාරකාව වීමටයි. එහෙත් එක්තරා සිනමා නිෂ්පාදකයෙක් ඇයට සිනමාපටයක් ලබා දී ඇත්තේ ලෝකයාට නැරැඹීමට සිනමාපටයක් ලබාදීමට නොව, තමන්ට පමණක් රඟපෑමට සහ තමන්ට පමණක් නැරැඹීමටය. එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක වී ඇත.

ඇයගේ සැමියා සහ කළමනාකරු ඩැනියල් වෙබර් නිෂ්පාදකයාට පවසා ඇත්තේ අදහස වෙනස් කර ගන්නා ලෙසය. නිෂ්පාදකයාගේ පෞද්ගලික සිනමා එකතුවට බිරියගේ සරාගී රංගන එකතුවීම ඔහු කෙසේ හෝ වළක්වන ලදී. මෙවැනි කූට උපායකට අසු වූ පළමු තාරකාව සනී නොවෙයි.

ශක්ති කපූර් සහ රූපවාහිනී නළු අවන් වර්මා මෙලෙස නිළියන් රවටා ලිංගික අල්ලස් ගැනීමට උත්සාහ කළවුන්ය. ඔවුන්ගේ වෑයම 2005 දී හෙළි විය.

රාණි මුඛර්ජි නම් ජනප්‍රිය, ප්‍රවීණ තාරකාවගේ සොයුරු රාජා මුඛර්ජි රූපවාහිනී නිළි ප්‍රියා මිෂ්රාට අයුතු යෝජනා, බලපෑම් කිරීමට උත්සාහ කළේ පිටපතක් ද සමඟ ඇය හමුවට ගොසිනි.

අධ්‍යක්ෂවරයකු වූ මධූර් භන්දර්කර් වසර ගණනක් නිළි ප්‍රීති ජේන්ට බලහත්කාරකම් සිදුකර තිබෙන්නේ සිනමාපටයක චරිතයක් දෙන බව පවසමිනි. මෙය 2004 වසරේදී ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් විය.

සිනමාපටයක චරිතයක් දෙන බව පවසා අතවරයට ලක් වූ තවත් තාරකාවක් වන්නේ නිළි පායල් රොහාග්තිය. අධ්‍යක්ෂ දිබකර් බැනර්ජි සිද්ධියේ චූදිතයා විය. කෙසේ වුවත් බැනර්ජි ඒ චෝදනාවෙන් නිදහස් කිරීමට වග බලා ගත්තේ ඔහුගේ හොඳම මිතුරකු වූ චිත්‍රපට නිෂ්පාදක අනුරාග් කාශ්‍යපය. පායල්ගේ මානසිකත්වය ව්‍යාකූල බව පවසා ඔහු මිතුරා චෝදනාවෙන් ගලවා ගත්තේය.

ලිංගික අල්ලස්වලට ගොදුරු කර ගැනීමට උත්සාහ කරන්නේ නිළියන්ව පමණක් නොවෙයි. ජනප්‍රිය ගායක සෝනු නිගම්, සිනමා විචාරක සහ මාධ්‍යවේදියකු වූ සුබාෂ් කේ ජාට අතවරයක් කිරීමට උත්සාහ කර තිබේ. ජායි දිගින් දිගටම ලිපි මඟින් සෝනු විවේචනය කළ අතර පසුව ඔහු නිහඬ කර වූයේය. නළු ප්‍රියාන්ෂු චැටර්ජි ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයන් ආදරවන්තයකු සේ තෝරා ගත් අයෙකි. ඔහුට චරිත ලබා දෙන බවට පොරොන්දු වී එසේ කළ ද, කිසි දිනක පොරොන්දුව ඉටු කර නැත.

බොබී වැට්ස් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට ආයුබෝවන් කියා ඇත්තේ ද මේ හේතුව නිසාමය.


















No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.