2014-08-30

බදුල්ලේ නිවෙසක නාමල්-හරින් රහස් හමුවක්

උෟව පළාත් සභාවේ මහ ඇමැති ධුරයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින හරින් ප්‍රනාන්දු මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අතර රහස් හමුවක් ඉකුත් 28 වැනිදා බදුල්ලේදී පැවැති බව විශ්වාසදායක ආරංචි මාර්ග හෙළිකරයි.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි චාමික බුද්ධදාස මහතාගේ බදුල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙසේදී එම රහස් හමුව පැවැති බව එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ ඇමැති අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අතර හදිසියේම පැවැති එම රහස් හමුවේදී සාකච්ඡාවට ලක්කළ කරුණු මෙතෙක් හෙළිදරව්වී නැතත් ගෙවුණු 28 වැනිදා දහවල් දෙකහමාරට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව විනාඩි 45කට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වේ.


උෟව මහ ඇමැති ධුරයට තරග වැදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් හරින් ප්‍රනාන්දු මහතා ඉවත් වීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදිත ලොකුබණ්ඩාර මහතා හා සාකච්ඡාවකට එක් වෙමින් ඉදිරියේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා අනිවාර්යයෙන්ම ආණ්ඩුව හා එක්වන බව හෙළි කෙළේය.
උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කළේ නැත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.