2014-11-27

පොදු ගිවිසුම සැකසීම අවසන් අදියරට

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ හා පොදු ජන සංවිධාන සන්ධානගත කිරීම වෙනුවෙන් සැකසෙන විපක්ෂයේ පොදු ගිවිසුමේ අවසන් කෙටුම්පත සැකසීම අවසන් අදියරට පැමිණ තිබෙනවා.  දින 100ක කාලයකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 18 වැනි සංශෝධනය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, යහපාලනය ඇති කිරීම, කොමිසන් සභා ස්වාධීන කිරීම, මාධය නිදහස තහවුරු කිරීම සහ ජනතාවට කෙටි කාලීන හා දිගු කාලීන සුබසාධන කටයුතු සිදු කිරීම ඇතුළුව අංශ ගණනාවක් මෙම පොදු ගිවිසුමට කේන්ද්‍රීය වී ඇති බව පොදු විපක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා. 


ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු ලබන සතියේ මුල් දින කීපය තුළ සිදු කිරීමට  නියමිතව ඇති අතර එය බොහෝ දුරට ලබන සඳුදා දිනයේ දී අත්සන් තැබීමට පොදු විපක්ෂයේ පාර්ශ්වකරුවෝ වැඩි බලාපොරොත්තුවෙන් පසු වන බවද වාර්තා වනවා. 


පොදු ගිවිසුමට අදාළ කරුණු පිළිබඳව අවසන් එකඟතාවලට පැමිණීමේ විශේෂ රැස්වීමක් ඊයේ (26) කොළඹදී පැවැති අතර ඒ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්සයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු ප්‍රධාන පාර්ශ්වයන්හි නියෝජිතයෝ රැසක් එක්ව සිටි බවද වාර්තා වනවා. 


මේ අතර ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති පිළිබඳව අද දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.