මම්තා කුල්කාර්නි, අනූව දශකයේ දී බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිළියක්. ඇගේ ජනප්‍රියත්වය රැඳී පැවතුණේ ටික කාලයකටයි. මීට දශකයකට පමණ පෙර ඇය බොලිවුඩ් සිනමාවෙන් ඈත් වුණා. ඉන්පසුව ඇය කොහේ සිටින්නේ දැයි කිසිවෙකුවත් දැන සිටියේ නැහැ. පසුකාලයේ දී ආරංචි වුණේ ඇය ඉස්ලාම් දහමට නැඹුරු වී නයිරෝබි නුවරට පිටත්ව ගිය බවයි.
ඇය ටික කාලයක් ඩුබායි දේශයේ අප්රකටව ජීවත් වූ බව ද පැවසෙනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මම්තා තම පෙම්වතා වන විකී ගොස්වාමි සමඟ ඩුබායි හි වාසය කළ බවයි. විකී, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පැවසෙනවා. 1997 දී ඔහු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණේ ටොන් 11.5ක මැන්ඩ්රැක්ස් නම් වූ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා ශාඛ තොගයක් සමඟ.
නීතිය හමුවට පමුණුවීමෙන් පසුව වරදකරු වූ ඔහුට වසර 25ක සිර දඬුවමක් නියම වුණා. ඩුබායි හි සිරගතවී සිටින අතරේදී ඉස්ලාම් දහම වැලඳගත් විකී, එහිදීම මම්තා සමඟ නිත්‍යානුකූලව විවාහ වුණා.
පසුව සිර දඬුවමින් නිදහස ලද විකී, තම බිරිය මම්තා සමඟ නයිරෝබි නුවරට පිටත්ව ගොස් නැවතත් ‘පරණ පුරුදු රැකියාවම’ කරන්නට පටන්ගත්තා. ඔහුට ඩුබායි සිරගෙදරින් නිදහස ලැබීම එකල අප්‍රිකානු මාධ්‍යවල දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.
කෙසේ වුවද විකී, බිරිය මම්තා ද එකතු කරගෙනයි මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවල නිරතවී ඇත්තේ. ඔවුන් දෙදෙනා පසුගිය සතියේ කෙන්යාවේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීමේ කාර්යයට කෙන්යාවේ මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සහ එරට පොලිසිය ඒකාබද්ධ
මෙහෙයුමක් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.