2014-12-10

දිගම්බරන් ඉල්ලා අස්වීමේ ලිපිය ලියයි

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරම් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කර ඇතැයි වාර්තා වෙයි.

නුවරඑළියේ වතුජනතාව වෙනුවෙන් වත්මන් රජය සැලකිලිමත් සංවර්ධනයක් නොකළ බවත්, වතුකරයේ අනෙකුත් අමාත්‍යවරුන්ට සාපෙක්ෂව තමන්ට ලැබුණ සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත් දිගම්බරන් මහතා ජනපතිවරයාට ෆැක්ස් මගින් යොමුකළ ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වෙයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.