හෙරොයින් ළඟ තබාගැනීම සඳහා වරදකාරිය වූ විත්තිකාරියකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. 2001 වසරේ මැයි මාසයේදී හෙරොයින් ග්‍රෑම් 110 ක් සමඟ මාළිගාවත්ත ප්‍රදේශයේදී අදාළ විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් අදාළ විත්තිකාරියට නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
විත්තිකාරියට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා සඳහන් කළේය. ඒ අනුව විත්තිකාරියට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරුණිග
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.