- එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කියයි
* සහාය දීමට අප ඉදිරිපත් කළ කොන්දේසි එකක්වත් මෛත්‍රීපාල සම්පූර්ණ කළේ නැහැ
* මට ඕනෑ වුණේ රනිල් හෝ සජිත් පොදු අපේක්ෂකයා බවට පත් කිරීමටයි
* රනිල්-සජිත් එකමුතුවට පාර කැපූ මට මලික්-රවී-මංගල නිර්දය ලෙස පහර දුන්නා.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාරය හරහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු නොවන බව මේ වනවිටත් පැහැදිලිව පෙනේ.
ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චම්පික රණවක මහතා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට සැලසුම් කර ඇති අතර ඔවුන්ගේ අරමුණ වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ලෙයින්, කඳුලින් සහ දහදියෙන් ජනාධිපතිවරණය දිනා අප පාක්ෂිකයාට පයින් ගැසීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිගයහ මන්දිරයේ දී ඊයේ (08) මුණගැසී සහාය පළ කළ අවස්ථාව.
ඡායාරූපය - සුදත් සිල්වා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙමින් අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියේ මේ බව සඳහන් වේ. එම ලිපියේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක,
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
‘සිරිකොත’
අංක 400, කෝට්ටේ පාර,
පිටකෝට්ටේ,
හිතවත් නායකතුමනි,
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් අද දින සිට ඉල්ලා අස්වීමට මම තීරණය කළෙමි. 2006 වසරේ පක්ෂ මහ සමුළුවේදී ඔබතුමා විසින් මා පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් පත්කර, මේ දක්වාම මා කෙරෙහි විශ්වාසය තබමින්, එහි භාරදුර වගකීම සහ කාර්යභාරය ඉටුකිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ඔබතුමාට මගේ ගෞරවය පිරිනමමි.
මෙම කාල සීමාව තුළ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර, බෙදී තිබුණු පක්ෂය සමගි කොට, ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරවීමටත්, ඔබතුමාට සහ පක්ෂයට මුහුණ දීමට සිදුවූ බාහිර සහ අභ්‍යන්තර අභියෝගවලදී ඒවායින් ඔබතුමා සහ පක්ෂය ආරක්ෂා කිරීමටත් මා මහත් කැපවීමකින් ක්‍රියා කළ බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. එසේම වසර අටකට අධික කාලයක් පුරා පක්ෂ මූලස්ථානය පවත්වා ගෙන යාමට සහ නඩත්තු කිරීමට මා දැරූ වෙහෙස ගැන ‘සිරිකොත’ කාර්ය මණ්ඩලය සාක්ෂි දරනු ඇත.
මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වීමට කොන්දේසි 3ක් ඉටුකළ යුතු විය
මෙන්න ඒ පොරොන්දු වූ කොන්දේසි
* පැය 24ක් ඇතුළත ජනපති ධුරයේ බලතල අගමැති රනිල් ප්‍රමුඛ ඇමැති මණ්ඩලයට පැවරීම.
* මෛත්‍රීපාලගේ මැදිහත්වීමෙන් ආණ්ඩුවෙන් 20 – 25 අතර පිරිසක් විපක්ෂයට ගෙන ඒම.
* මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී දින 100ක් ඇතුළත ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සංශෝධනය කොට විධායක ජනපති ධුරය අහෝසි කිරීම.
මේ එකදු කොන්දේසියක්වත් ඉටු නොකර ඔහු පොදු අපේක්ෂකයා බවට පත්කර ඇත.
නායකතුමනි, එහෙත් මෑත කාලයේ පක්ෂ අභ්‍යන්තරයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මම කිසිසේත් සතුටු නොවෙමි. මට හැමවිටම උවමනා වී තිබුණේ දශක දෙකක් පුරා දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇති අප පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටුකර දීමයි. එහෙත් වත්මන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාරය හරහා එ. ජා. ප. පාක්ෂිකයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු නොවන බව මේ වනවිටත් ඉතා පැහැදිලිව පෙනේ.
ඊයේ (07) ඉරිදා ලංකාදීප ප්‍රධාන පුවත මේ පිළිබඳ මා තුළ තිබෙන සාධාරණ සැකය තවත් තහවුරු කරයි. එම පුවතින් හෙළි කරන්නේ ජනාධිපතිවරණයට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චම්පික රණවක මහතා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. වෙනත් වචනයෙන් කියනවා නම් ඔවුන්ගේ සැලැස්ම වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ලෙයින්, කඳුළින් සහ දහඩියෙන් මෙවර ජනාධිපතිවරණය දිනාගෙන, වෙනත් පක්ෂයක් සාදා, අප පාක්ෂිකයාට පයින් ගැසීමයි. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ඔබතුමාට අමුතුවෙන් අවධාරණය කළ යුතු නැති බව මම දනිමි.
මෙසේ පැමිණි දේශපාලන ගමනේ දී පක්ෂය වෙනුවෙන් හිරේ විලංගුවේ පවා වැටීමට මට සිදු විය. 2000 වසරේ පැවති මැතිවරණයේ දී එවකට තිබූ ආණ්ඩුව විසින් මහනුවර දිස්ත්‍රික්කයේ අප පක්ෂ කටයුතු අඩපණ කිරීමට මා සිරගත කළ අතර එම මැතිවරණය මෙහෙයවීමට මට සිදුවූයේ බෝගම්බර සිර ගෙදර සිට පක්ෂය වෙනුවෙන් දුක් විඳිමිනි. පසුව මා නිදහස් වූ අතර එවකට පැවති ආණ්ඩුවෙන් මා හට සිදු කළ දේශපාලන හිරිහැර සහ අසාධාරණයට එරෙහිව විරෝධය පාමින් මාගේ සංකල්පයක් මත ගාමිණී අතුකෝරළ උපනායකතුමාගේ මූලිකත්වයෙන් එදා මහනුවර සිට කොළඹ දක්වා දියත් කළ ‘ජනබල මෙහෙයුම’ පා ගමන පසුව 2001 වසරේදී අප පක්ෂය බලයට පැමිණීමට දැඩි දායකත්වය ලබාදුන් ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරකම බවට පත්විය.
එහි දී එම මෙහෙයුම ‘ජනබල මෙහෙයුම’ ලෙස නම් කළේ මා විසින් බව අද සිහිපත් කරනුයේ නිහතමානී සතුටකිනි. අනතුරුව එවකට පැවති ආණ්ඩුව දුර්වල වන තෙක් රට පුරා ‘ජනබල මෙහෙයුම්’ අප සංවිධානය කළ අතර පක්ෂයේ උප නායක ගාමිණී අතුකෝරළ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ රවී සමරවීර යන අය මා සමඟ එක්ව එම දේශපාලන මෙහෙයුම් සංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලදී.
ජනබල මෙහෙයුම හරහා දියත් කළ එම දේශපාලන සටන් කෙළවර වූයේ ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂය නායකත්වය ලබා දුන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ලබා ගැනීමෙනි. ඒ පැමිණි ගමනේ දී අප පාක්ෂිකයා දැඩි කැපකිරීමක් කළ නමුත් එදා ආණ්ඩුවෙන් අප පාක්ෂිකයාට ප්‍රමාණවත් සාධාරණයක් ඉෂ්ඨ නොවූ බව කනගාටුවෙන් වුව ද සඳහන් කළ යුතුව ඇත. එදා ලබාගත් ආණ්ඩු බලය එවකට ඇමැති මණ්ඩලයේ සිටි රාජිත සේනාරත්න සහ රවී කරුණානායක ඇමතිවරුන්ගේ අනුවණ සහ අදූරදර්ශී හැසිරීම නිසා අපට අහිමි වූ අතර ඒ බවට මාගේ සමකාලීන අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් වන ආනන්ද කුලරත්න සහ ඉමිටියාස් බාකීර් මාකර් මැතිතුමන්ලා වුවද සාක්ෂි දරනු ඇත. මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මේ ගැන එතුමාගේ කෘතියක ඉතා යථාර්ථවාදී විග්‍රහයක් කර ඇති බව පසු කලෙක මම දුටුවෙමි.
කෙසේවෙතත්, 2004දී අපට ආණ්ඩු බලය අහිමි වූ අතර 2005 වසරේදී මා නැවත දෙවිනුවර සිට කොළඹ දක්වා පා ගමනක් ඉතා සාර්ථකව සංවිධානය කළෙමි. එහෙත් පැවති මැතිවරණවලින් අප පරාජය වූ අතර මා පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස 2006 වසරේදී වගකීම් භාර ගත්තේ පක්ෂය පරාජයේ මානසිකත්වයෙන් බිඳ වැටී, බෙදී වෙන් වී අර්බුදයකට පත්ව තිබූ මොහොතකය. එහෙත් බෙදී වෙන්වී සිටි පක්ෂය අවසානයේ 2014 වසර වන විට රනිල් - සජිත් එකමුතුවෙන් ශක්තිමත් කිරීමට මූලිකත්වය ලබා දීමට මට හැකිවූ බව සිහිපත් කරනුයේ ඉතා සතුටිනි.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) සවස කැලණිය විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් ආගමික ආශිර්වාද ලබා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එහිදී කැලණිය විද්‍යාලංකාර පරිවෙණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් වෙත පලතුරු පූජා කළ අවස්ථාව.
රනිල් - සජිත් එකමුතුව ඇති කරන්නට පදනම් වූයේ කොළඹ, ගලදාරී හෝටලයේ පැවති රැස්වීමක දී පක්ෂයේ උපායමාර්ගික සැලසුම් කමිටුව (Strategic Planning Committee) වෙත මා ඉදිරිපත් කළ අදහසකට අනුව ගත් තීරණයකි. එහිදී පක්ෂයේ අභ්‍යන්තර සමගිය ශක්තිමත් කර, සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකත්වයට පත් කිරීමටත්, ජනමාධ්‍ය සහයෝගය ජනාධිපතිවරණය ජය ගැනීමට අත්‍යවශ්‍ය බැවින් එම සහාය ලබා ගැනීම සඳහා ක්‍රියා කිරීමටත් මා විසින් එම කමිටුවට යෝජනා කරන ලදී. ඒ අනුව රනිල් - සජිත් සමගිය ගොඩ නැංවීම සඳහා ඔබතුමාගේ පූර්ණ අනුමැතිය ඇතිව මම මුලපුරා, කොතරම් බාධක පැමිණියත් එය සාර්ථක කරගන්නට ක්‍රියා කළෙමි.
රනිල් - සජිත් එකමුතුව ගැන සමස්ත පාක්ෂිකයා සමඟ මට සතුටුවන්නට පුළුවන් වුවද, ඒ ගැන අසතුටින් සහ ඊර්ෂ්‍යාවෙන් බලන පිරිසකගේ කඳවුරක් අප පක්ෂය තුළ ඇත. රවී කරණානායක සහ මංගල සමරවීර මන්ත්‍රීවරුන් රනිල් - සජිත් එකමුතුවට දැඩි සේ විරුද්ධ බව රහසක් නොවේ. මාගේ පෞද්ගලික මතය නම් ඒ වෙන කිසිවක් නිසා නොව, රනිල් - සජිත් එකමුතුව නිසා මලික් - රවී - මංගල කණ්ඩායමේ ආත්මාර්ථකාමී දේශපාලන න්‍යාය පත්‍රය අවුල් වී ගිය බැවිනි.
ඒ නිසා ඔවුන් සෘජුව සහ වක්‍රව ඔවුන්ට සම්බන්ධකම් ඇති වෙබ් මාධ්‍ය පවා යොදා ගනිමින් රනිල් - සජිත් එකමුතුවට පාර කැපූ මට නිර්දය ලෙස පහර ගසන්නට පටන් ගත්තේය. කොටින්ම කිවහොත් දින කීපයකට පෙර (දෙසැම්බර් 6) මා සංවිධානය කළ පක්ෂ විශේෂ මහා සමුළුවට මැර පිරිස් ගෙනැවිත් මා කතා කරන විට ‘හූ’ කියවන්නට රවී කරුණානායක මහතා කුමන්ත්‍රණය කළ බව දැන් රහසක් නොවේ. ඒ බවට ඔබතුමාගේ ආරක්ෂක අංශ පවා සාක්ෂි දරනු ඇත.
එහෙත් පාක්ෂිකයා ඒ කුමන්ත්‍රණ සාර්ථකව පරාජය කළේය. එසේ නොවන්නට එදා සම්මේලනය එම කුමන්ත්‍රණය නිසා අපවිත්‍රවන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත්, රනිල් - සජිත් එකමුතුව ගැන, සමස්ත පාක්ෂිකයා තුළ ඇති සතුට දැක මම අද සතුටු වෙමි. මේ සියල්ල ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමා සාක්ෂි දරනු ඇති බවට මම විශ්වාස කරමි. ආණ්ඩු බලය ගැනීමට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සන්ධානයක් ගොඩනැඟීමේ අදහසට කිසිවිටක මා විරුද්ධ වූයේ නැත.
එහෙත් මා දිගින් දිගටම විරුද්ධ වූයේ එකී සන්ධානය මගින් එක්සත් ජාතික පක්ෂයෙන් ඔබතුමා හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකොට, වෙනත් කණ්ඩායමකින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අදහසටය. එයට හේතු වන්නේ එසේ වෙනත් අයෙකු ඉදිරිපත් කිරීම මෙතෙක් දේශපාලන සන්ධාන ගොඩනැගීමේ මූලික සම්ප්‍රදායට සහමුලින් පටහැනි වීමත්, මෙම සන්ධානය මගින් එයට සියයට 80කට අධික ජන පදනමක් සපයන, ඡන්ද සටනේ දර-දිය අදින එක්සත් ජාතික පක්ෂයේ සහ පාක්ෂිකයාගේ අපේක්ෂා ඉටුනොවන බවට පැහැදිලිව මට කරුණු පෙනීයාමත් ය.
නායකතුමනි, මෑත ඉතිහාසය තුළ ගොඩ නැඟූ දේශපාලන සන්ධාන සියල්ලේම මැතිවරණ අපේක්ෂකත්වය ලැබුණේ එම සන්ධානවල ප්‍රධාන දේශපාලන පක්ෂයටයි. 1970 වසරේදී සමගි පෙරමුණේ නායකත්වය දැරුවේ එහි ප්‍රධාන කොටස්කාරයා වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවයි. එසේම 1994 වසරේ පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්වය හිමිවුණේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවටයි. 2001 වසරේ එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය හිමි වුයේ එහි ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටයි.
2005 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය හිමි වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. එහෙත් මෙවර එම සම්ප්‍රදාය කුමන්ත්‍රණකාරී ලෙස බිඳ හෙළමින්, මෙම සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය ලැබුණේ නැත. එමගින් මෙම සම්ප්‍රදායට පදනම් වූ ඡන්දය මෙහෙයවන ප්‍රධාන පක්ෂයට සහ පාක්ෂිකයාට ප්‍රතිලාභ ලැබීමේ ප්‍රමුඛතාව හිමිවන තීරණාත්මක බලය අප පක්ෂයට දැන් අහිමිවී තිබේ.
කෙසේ වෙතත්, අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස අප ඇතිකර ගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන්නට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අප ඇතිකර ගන්නා සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කර, අප පක්ෂයේ සහ පාක්ෂිකයාගේ අපේක්ෂා ආරක්ෂා කරන කොන්දේසි තුනකට යටත්වය. පළමුවැන්න, ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වු පසු අග්‍රාමාත්‍ය ධුරය ඔබතුමාට ලබාදීමට සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් ලබා දුන් ප්‍රතිඥාව සහතික කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන, ජනාධිපති ධුරෙය් ඇති විධායක බලතල පැය 24ක් ඇතුළත අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට පැවරීමය.
දෙවැන්න, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පාර්ශ්වයේ මැදිහත්වීමෙන් ආණ්ඩුවෙන් 20ක් - 25ක් අතර පිරිසක් විපක්ෂයට ගෙන ඒමෙන් පසුව පමණක් ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතාව නම් කිරීමයි. තුන්වැන්න, ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී දින 100ක් තුළ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සංශෝධනය කර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම ගැන ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එම කණ්ඩායමෙන් සහතිකයක් ලබා ගැනීමයි.
එහෙත්, මේ දක්වාම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් ෙම් කිසිදු කොන්දේසියක් සම්පූර්ණ කර නොමැත. එසේ නොමැතිව, ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇති අතර ඔහුගේ කණ්ඩායම එක්සත් ජාතික පාක්ෂිකයාගේ කරපිටින් බලයට එන්නට දැන් සූදානම් වී සිටී. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණියහොත් එක්සත් ජාතික පක්ෂයට හෝ පාක්ෂිකයාට යුක්තිය හෝ සාධාරණත්වය ඉටුවන්නේ ද යන්න ගැන මට ඇත්තේ දැඩි අවිශ්වාසයකි.
ඊයේ (07) ඉරිදා ලංකාදීප ප්‍රධාන පුවත මේ පිළිබඳව මා තුළ තිබෙන සාධාරණ සැකය තවත් තහවුරු කරයි. එම පුවතින් හෙළි කරන්නේ ජනාධිපතිවරණයට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චම්පික රණවක මහතා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. වෙනත් වචනයෙන් කියනවා නම් ඔවුන්ගේ සැලැස්ම වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ලෙයින්, කඳුලින් සහ දහඩියෙන් මෙවර ජනාධිපතිවරණය දිනාගෙන, වෙනත් පක්ෂයක් සාදා, අප පාක්ෂිකයාට පයින් ගැසීමයි. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ඔබතුමාට අමුතුවෙන් අවධාරණය කළ යුතු නැති බව මම දනිමි.
ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආගමික ආශිර්වාද ලබා ගැනීමට කැලණිය රජමහා විහාරස්ථානය වෙත ඊයේ (08) සවස ගියේය. ජනාධිපතිතුමා සමඟ එම අවස්ථාවට එක් ව සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් වෙත පලතුරු පූජා කළ අවස්ථාව.
ඡායාරූප - සුදත් සිල්වා
අනෙක් අතට මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයට පැමිණීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස මා මුණ ගැසී, අඩුම තරමේ සම්ප්‍රදාය ගරු කිරීමටවත් මා සමඟ කතා බහ කර නොමැත. ඒ වෙන කිසිවක් නිසා නොව මෛත්‍රීපාල සිරිසේන මහතාව රූකඩයක් මෙන් නටවන මලික්, රවී, මංගල කල්ලියේ බලපෑම නිසා බව මම හොඳින් දනිමි. එහෙත් හිත හදාගෙන පක්ෂයේ කටයුතු කර ගෙන යන්නට පසුගිය සති කිහිපයේ මා කිහිපවිටක්ම උත්සාහ කළද, මලික්, රවි, මංගල කල්ලියෙන් මට ඒ සඳහා ඉඩක් ලබා දුන්නේම නැත. මීට දින කීපයකට පෙර (දෙසැම්බර් 6) මා සංවිධානය කළ පක්ෂ විශේෂ මහ සමුළුවට මැර පිරිස් ගෙනැවිත් මා කතා කරන විට ‘හූ’ කියවන්නට රවී කරුණානායක මහතා කළ කුමන්ත්‍රණය ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ගෙන් එකක් පමණකි.
ඊට අමතරව එම කල්ලියට හිතවත් වෙබ් අඩවි ඔස්සේ ‘තිස්ස අත්තනායක රුපියල් මිලියන 500කට ආණ්ඩුවට අලෙවි වන බවට’ මඩ ප්‍රචාර පසුගිය සති කීපය පුරාම ගෙන ගියේය. මගේ හෘදය සාක්ෂිය මුදලට මිලදී ගත නොහැකි බව මම දැඩි අවධාරණයෙන් කියා සිටිමි. මුදලට රටම පාවා දෙන ගනු දෙනු ගැන චෝදනා ඇත්තේ මට නොව රවී කරුණානායක මහතාට එරෙහිවය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට චෝදනා ලත් අමෙරිකාවේ රාජ් රාජරත්නම්ගෙන් මේ රටේ විනිමය රෙගුලාසි උල්ලංඝනය කර ඩොලර් කෝටි ගණන් මුදල් ගෙන්වා ගැනීම ගැන අධිකරණයේ නඩුවක් පවතින්නේ මට එරෙහිව නොව රවී කරුණානායක මහතාට එරෙහිවය.
එසේම එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුද්ධය පැවති සමයේ රණවිරුවන්ගේ ජයග්‍රහණ හෑල්ලු කරමින්, මුළු එක්සත් ජාතික පක්ෂයම ජනතාවගෙන් කොන් කරවන “කිලිනොච්චි ගියා කියා මැදවච්චි යනවා, අලිමංකඩ ගියා කියා පාමංකඩ යනවා’ වැනි පක්ෂයත්, රටත් පාවා දෙන ප්‍රකාශ රවී කරුණානායක මහතා කළේ කාගේ මුදලට යට වී දැයි ඔහුගෙන් අමුතුවෙන් ප්‍රශ්න නොකරම කාටත් තේරුම් ගත හැකිය. එපමණකින් නො නැවතී, අප පක්ෂය දුර්වල කරමින්, ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදෙමින්, අප පක්ෂයෙන් 17 දෙනෙකු ආණ්ඩුවට පළවා හැරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ ද රවී කරුණානායක මහතා බව මේ මොහොතේ මම එළිපිටම ප්‍රකාශ කරමි. ඔහු එසේ කළේ ජ්‍යෙෂ්ඨත්වය සහ බලය පක්ෂය තුළ තහවුරු කර ගැනීමේ ඔහුගේ ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු ඉටුකර ගැනීම පිණිසයි.
දැන් රවී කරුණානායක මහතාගේ අරමුණක් වන්නේ ඔහුට හිතවත් කොට්ඨාස සංවිධායකයින් පත්කරවා ගැනීමයි. මෙවර විශේෂ මහ සම්මේලනයේ දී ඔහු ප්‍රකාශ කළේ “ජනාධිපතිවරණයෙන් ආසන පරදින සෑම කොට්ඨාස සංවිධායකවරයකුවම වහාම ඉවත් කරන බවයි” පළමුව, ඔහුට එවැනි බලයක් දුන්නේ කවුදැයි නොදනිමි. දෙවනුව, මේ රටේ සමහර ආසන අප පක්ෂයට වාසිදායක වන අතර තවත් සමහර ආසන අප පක්ෂයට වාසිදායක නැත. එහෙත් අපට ඒ හැම සංවිධායකයෙකුම අත්‍යවශ්‍ය වේ.
නායකතුමනි, මලික්, රවී, මංගල කල්ලියේ ගොදුරක් බවට අද මා පත්වුණා පමණක් නොව, ඔබතුමාද ඔවුන්ගේ සිරකරුවකු බවට පත්කර හමාරය. පසුගිය කාලසීමාව තුළ පක්ෂයේ තීරණාත්මක තීන්දු, තීරණ කිසිවක් පිළිබඳ පක්ෂ මහ ලේකම්වරයා ලෙස මා දැනුවත් කර නැත. ඒ පිළිබඳව මට ඇත්තේ බලවත් කනගාටුවකි. අඩුම තරමේ පසුගියදා අස්සන් කරන්නට යෙදුණු අවබෝධතා ගිවිසුම තවමත් මට පෙන්වා නැත. එමෙන්ම, පිහිටුවන්නට යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය හෝ වරින් වර ඇති කර ගත් විවිධ අභ්‍යන්තර එකඟතා සහ ගිවිසුම් පිළිබඳව තවමත් මා දැනුවත් කර නොමැත. එසේ කිරීමට හේතුව ලෙස මට පෙනී යන්නේ එකී එකඟතා සහ ගිවිසුම් මඟින් එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයාට යුක්තිය ඉටුනොවන හෝ අවාසිදායක හෝ වන කාරණාවලදී පක්ෂයේ මහ ලේකම් ලෙස මා අනිවාර්යයෙන්ම මතුකරන විරෝධතාව වළක්වා ගැනීමයි.
මලික්, රවී, මංගල කල්ලිය විසින් එදා සිට පක්ෂය නොයෙක් අභියෝගවලින් ආරක්ෂා කිරීමට කැපවූ අප සියලු දෙනාවම යටපත් කරන දේශපාලන පරිසරයක් පක්ෂ අභ්‍යන්තරය තුළ දැන් ගොඩනඟමින් සිටී. ඔබතුමා විසින්ම මා හට ප්‍රකාශ කළ පරිදි, මෙම ගොඩනැගෙන නව සන්ධානය විසින් ඔබතුමාව “බිත්තියට හේත්තු කර අවසන්ය.” මෙවැනි වාතාවරණයක් තුළ පක්ෂ මහලේකම් ධුරයේ වගකීම සහ කාර්යභාරය තවදුරටත් මට මගේ හෘදය සාක්ෂියට අනුකූලව ඉටුකළ නොහැකි බව මට මෙන්ම ඔබතුමාටද සක් සුදක් සේ පැහැදිලි වනු ඇතැයි මම විශ්වාස කරමි.
එපමණක් නොව දිගින් දිගටම මහ ලේකම් ධුරයෙන් පළ නොකියා පලා බෙදන තත්ත්වයකට පසුගිය කාලය පුරාම මා මුහුණ දුන් බව වේදනාවෙන් සඳහන් කරමි. වරින් වර මහලේකම් ලෙස මා වෙත තිබු පරිපාලන බලය විවිධ පුද්ගලයන්ට බෙදා දෙමින්, මා දුර්වල කරන වැඩපිළිවෙළක් කාලයක් තිස්සේ සිට දියත් වෙමින් තිබුණි. මා තුළ එයින් උපන් කළකිරීම මා නිහඬව විඳදරා ගත්තා මිස පක්ෂයට හානිවන කිසිවක් නොකීවෙමි. නොකළෙමි. කෙසේ වෙතත් මා හට මහ ලේකම් ලෙස පැවරී තිබු සංවිධාන වගකීම ඉෂ්ට කර, එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්නට මම නොයෙක් වර උත්සාහ කළෙමි. අවසානයේ මාගේ සංකල්පයක් අනුව, ඔබතුමාගේ ද අනුමැතිය ඇතිව රට පුරා ඡන්ද මධ්‍යස්ථාන සංවිධායකයන් 12,500 පත්කර, මැතිවරණය මෙහෙයවන්නට සමත් යාන්ත්‍රණයක් මා ගොඩ නැඟූ අතර එහි කලඑළි දැක්ම නොයෙක් බාධා කිරීම් සහ කකුළෙන් ඇදීම් මැද ‘නියමුවෝ අපි’ නමින් කොළඹ හයිඩ් පාර්ක් පිටියේ දී ඉතා සාර්ථකව මා විසින් ඉකුත් ඔක්තෝබර් 28 දින සංවිධානය කරන ලදී.
එහි සාර්ථකත්වය අවංකව, ප්‍රසිද්ධියේ අගය කළේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණකි. ‘නියමුවෝ අපි’ සංවිධානයේ සහ රැලියේ සාර්ථකත්වය පසෙක තිබිය දී එහි වගකීම මගෙන් ඉවත් කර ඇති අතර, එය නියමුවෙකු නැති දේශපාලන අනාතයෙකු බවට ආරම්භයෙන් මාස දෙකක් යන්නට පෙර පත් වෙමින් තිබේ. මේ සියල්ල මා හට දරා ගත නොහැකි වේදනාවක් බව සඳහන් කරමි. මෙවැනි වාතාවරණයක් තුළ පක්ෂ මහ ලේකම් ධුරයේ වගකීම සහ කාර්යභාරය තවදුරටත් මට මගේ හෘදය සාක්ෂියට අනුකූලව ඉටුකළ නොහැකි බව මට මෙන්ම ඔබතුමාට ද වැටහෙන බව දනිමි. මම ඔබතුමාගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ පක්ෂය කල්ලිවාදීන්ගෙන් සහ අවස්ථාවාදී, කුමන්ත්‍රණකරුවන්ගෙන් ගලවාගෙන, සැබෑ ‘යු.ඇන්.පී. කාරයන්ට’ අවස්ථාවක් ලබාදී, දශක දෙකක් තිස්සේ ආණ්ඩුවක් නැතිව සිටින ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකරවන තත්ත්වයක් ඇති කරවන ලෙසයි.
එහෙත් මලික්, රවී, මංගල කල්ලිය මූලික වී ඇති කර ගත් මෙම සන්ධානයෙන් එක්සත් ජාතික පක්ෂයටත්, පාක්ෂිකයාටත් ඇතිවන යහපත ගැන මට විශ්වාසයක් නැත. ඒ යහපත සහතික කර ලබා ගැනීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පැනවූ කොන්දේසිවලට එකඟ කරවා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පොදු අපේක්ෂකයා කරවන සාකච්ඡාවලට පක්ෂය වෙනුවෙන් සහභාගි වූ මලික්, රවී, මංගල කල්ලිය සමත්වී නැත. 2004 වසරේදී මලික් සමරවික්‍රම මහතා අප පක්ෂය වෙනුවෙනුත්, මනෝ තිත්තවැල්ල මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය වෙනුවෙනුත් සහභාගි වී සිදුකළ මනෝ - මලික් සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵලය ලෙස 2001දී ලබා ගත් ආණ්ඩුව අපට අහිමි විය. ඒ එදාය. අද මලික් සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමේ සාකච්ඡාවලින් අපේ පක්ෂයට ජනාධිපති අපේක්ෂකත්වයත්, පක්ෂයේ සහ පාක්ෂිකයාගේ අනාගතයත් අහිමිවී ඇත.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමේ තීරණය සති කීපයක් තිස්සේ පරෙස්සමෙන් කරුණු කල්පනා කර බලා මා එළැඹුණු තීරණයකි. එහෙත් කිසි දිනක මම එක්සත් ජාතික පක්ෂය හැර නොයමි. කෙසේ වූවද පක්ෂ මහ ෙල්කම් තනතුරේ වගකීම සහ කාර්යභාරය ආත්ම ගෞරවයකින් යුක්තව ඉටුකිරීමට මට නොහැකි අතර එම ධුරයෙන් ඉවත්වීම හැරුණු කොට වෙනත් විකල්පයක්ද මා හට නොමැති බව පැහැදිලිය. පසුගිය කාලය තුළ විවිධ හැල හැප්පිලි සහ කඩාකප්පල්කාරී ක්‍රියා මැද මා සමඟ එක්ව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, කොට්ඨාස සංවිධායකවරුන්ටත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ටත්, අප පක්ෂයේ නිලධාරින් සහ පාක්ෂිකයන්ටත්, පක්ෂ මුලස්ථාන කාර්ය මණ්ඩලයටත් මගේ කෘතවේදීත්වය මෙහිදී පළ කරමි.
මේ තාක් කාලයක් මට මඟ පෙන්වා, උපදෙස් දී, මා මෙහෙය වූ ඔබතුමාටත්, මට සහය ලබා දුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් මගේ අවංක ස්තුතිය පිරිනමමි.
ස්තුතියි, මෙයට හිතවත්
තිස්ස අත්තනායක, පා.ම.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.