2015-07-04

හොංකොං යන ශ්‍රී ලංකා පිලේ මූලික සංචිතය තෝරා ගැනීම අද සහ හෙට

එළැඹෙන දෙසැම්බර් මාසයේ හොංකොං හි පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා පිල තෝරා ගැනීම වෙනුවෙන් සංචිතයක් කැඳවීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය බලාපොරොත්තු වෙයි.

ඒ අනුව පිහිටුවනු ලබන සංචිතය සඳහා සුදුසු ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට සම්මේලනය තීරණය කර ඇති අතර ඊට සෑම දිස්ත්‍රික් සංගමයකින්ම ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් 10 දෙනකු බැගින් යොමු කරවන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.

මෙම මූලික පරීක්ෂණය අද (ජූලි 4) සහ හෙට (5) යන දිනයන්හි ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පෙරවරු 8.00 සිට පැවැත්වීමට නියමිතය. අදාළ පරීක්ෂණ අවසානයේ ක්‍රීඩිකාවන් 60 දෙනකු සංචිතයට ඇතුළත් කර ගැනීමටත් එම සංචිතය මූලික පුහුණුවක් ලබා දීමෙන් පසු නොවැම්බර් මාසය වන විට තරගාවලියට සහභාගි කරගන්නා 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල නම් කිරීම සම්මේලනයේ අදහසය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.