ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හෙවත් නිවසේ මෙහෙකරු සොරා ගත් ලොරි රථයද සමග ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
මෙම සැකකරු ඝාතනයෙන් පසුව පන්නල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හෙළි කරන ලද තොරතුරුවලට අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාව සමග තිබූ අනියම් ඇසුරක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි එම ආරංචි වැඩිදුරටත් පවසනවා.
සැකකරු කාන්තව සමග සිටින අයුරු දින දෙකකදී ඝාතනයට ලක්වූ සැමියට අසුවුණු බවත් ඒ අවස්ථා දෙකේදීම ස්වාමියා සැකකරු නිවසින් පිටව යන ලෙසට දැන්වුවත් එම කාන්තාව යන්නට නොදුන් බවත් ඔහු පවසා ඇත. එයට හේතු වී ඇත්තේ ඒ සියලු දේපළ එම කාන්තාවට අයත්ව තිබීමය. මේ නිසා එම කාන්තාව හා සැමියා අතර නිතර අඬදබර වූ බවද සැකකරු පවසා ඇත.
ඒ අනුව සිද්ධිය වූ දින එනම් පසුගිය 04 වනදා සන්ධ්‍යාවේ මියගිය කාන්තාවත් සැමියාත් දබර කරමින් සිට ඇති අතර මෙම ගැටුමට සැකකරුද මැදිහත් වී ඇත. එහිදී සැකකරු පොල්ලකින් සැමියාට පහරදීමට උත්සාහ දරා ඇත. එහිදී එම පොලු පහර බිරිදට වැදී ඇත. එම ප්‍රහාරයෙන් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇත.
පසුව ඔහු දෙවැනි පොලු පහර හාම්පුතාට එල්ල කර ඔහුද ඝාතනය කර ඇත. ඉන් අනතුරුව මළ සිරුරු දෙක ඇඳ ඇතිරිල්ලක දමා බිම දිගේ රැගෙනවිත් කාමරයක දමා එම ඇඳ ඇතිරිල්ලෙන් සිරුරු වසා ඇත.
ඉන් අනතුරුව සැකකරු අවුරුදු 4ක් වයසැති දැරිය රැය එළිවන තුරු රඳවා තබාගනිමින් සිට ඇත්තේ නිවසේ තිබූ කුඩා ලොරි රථය තුළය. මෙම ඝාතනවලින් පසුව ඔහු වෙළෙද සලකට ගොස් කිරි පැකට් දෙකක් රැගෙන විටත් එයද එම දැරියට බොන්නට දී ඇත.
එහෙත් මෙම දැරිය තමා සන්තකයේ තබා ගැනීම හා ඇය මුදාහැරීම ගැටලු සහගත නිසා ඇයට නින්ද ගිය පසු ඔහු ඊට පසුදා එම කුඩා දැරිය නිවසෙහි පිටුපස ඇති පාළු ළිඳකට දමා ඇත. ඉන් අනතුරුව තම ස්වාමියාට අයත් ලොරි රථයද ගෙන පළාගොස් ඇත. ඔහු පළා යන විට මෙම කාන්තාව සතු රන් මාලයක් සහ ඇයගේ සැමියා සතු රන් බ්රේස්ලටයක්ද රැගෙන ගොස් ඇත. රන් මාලය කොළඹදී උකස් කර ඇති අතර බ්‍රේස්ලටය පස්යාලේදී උකස් කර මුදල් ලබාගෙන ඇත.
මෙම සැකකරුට විරුද්ධව මීට පෙර ස්ත්‍රී දූෂණ චෝදනාවකුත් එසේම මොණරාගල ප්‍රදේශයේදී සිදු වූ ඝාතන චෝදනාවක්ද ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම ඝාතන සිද්ධියට මොහුට විරුද්ධව වරෙන්තුවක්ද ඇති බව සඳහන් වේ. මොහු එම සිද්ධියෙන් අනතුරුව පන්නලට පැනවිත් ජීවත් වී ඇත්තේ කුකුළු ගොවිපොළකය. එම ගොවිපොළට ඝාතනයට ලක්වූ හාම්පුතා නිතර ආගිය අයෙකු බව සඳහන් වේ.
එම හඳුනාගැනීම හේතුවෙන් මොහු නිවසේ මෙහෙකරු ලෙසට පැමිණ ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එහිදී හාම්පුතාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් ගොඩනගාගෙන ඇත. ඇය සෑම විටම ස්වාමියා එළවා දමා තමන් සමග ජීවත් වෙමුදැයි ඔහුගෙන් විමසූ බව සැකකරු පොලීසියට හෙළිකර ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධියෙන් වික්‍රමආරච්චිගේ ධර්මසේන පෙරේරා (52), පල්කිඳ කුඹුර ගෙදර විමලාවති (42) සහ ජලනි කාවින්ද්‍යා (4) යන අය ඝාතනය විය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.