2015-09-15

බදුල්ලේ ව්‍යාපාරිකයකු වෙඩි ප්‍රහාරයක්

යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් බදුල්ලේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඔහු ළඟ තිබූ රුපියල් ලක්ෂ 20ක් වටිනා මුදල්, චෙක්පත් හා ලැප්ටොප් පරිගණකයක් කොල්ලකා පළාගොස් ඇති බව බදුල්ල පොලීසිය පවසනවා. 

ඊයේ(14) රාත්‍රී 9.30ට පමණ තම ව්‍යාපාරික ස්ථානය වසා දමා රාත්‍රී 9.45ට පමණ බදුල්ල ගඟබඩ පාරේ පිහිටි තම නිවසට ළඟාවී තම යතුරු පැදියෙන් බැස ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී කොල්කරුවන් කඩාවැදී වෙඩි තබා කොල්ලය සිදු කර පළාගොන් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලීසිය පවසන්නේ. 
කකුලකට වෙඩි වැදී තුවාල සිදු වූ ව්‍යාපාරිකයා බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැත්කමකට භාජනය කර තිබෙනවා. 

කොල්ලකෑ මුදල් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් අනාවරණ වී නැති බවත් සැකකරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් පොලීසිය පවසනවා. 





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.