2016-06-01

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා නොර්වේ විදේශ ලේකම් සාකච්ජාවක


උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හා මෙරට සංචාරයකට එක්ව සිටින නොර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ටොරේ හැට්රම් මහතා අතර විශේෂ සාකචිජාවක් අද(01) යාපනය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්වුණා. 
උතුරු පළාතේ නැවත පදිංචි කිරීම් කටයුතු, යුද්ධයෙන් පසුව පළාතේ සංවර්ධන කටයුතු, කෘෂිකර්ම අංශයේ සංවර්ධන කටයුතු, යාපනය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එහිදි ආණ්ඩුකාරවරයා හා නොර්වේ විදේශ ලේකම්වරයා සාකච්ඡා කර තිබෙනවා. එසේම නොර්වේ රජයේ සහයෝගය මත සිදුකෙරෙන උතුරු පළාත් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 
සාකච්ජාව සඳහා නොර්වේ රාජ්‍ය නියෝජිතයින් පිරිසක් හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් පිරිසක් සහභාගි ව සිටියා. 
ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ජාවෙන් අනතුරුව නොර්වේ විදේශ ලේකම්වරයා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේශ්වරන් මහතා හමුවීමටද නියමිතව තිබෙනවා. 





No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.