2012-04-06

චීන රජයේ වෙබ් අඩවි 500කට ඇනෝනිමස් හැකිං ප්‍රහාරයක්


සයිබර් ප‍්‍රහාර එල්ල කරන ඇනෝනිමස් සමාගම විසින් චීනයේ වෙබ් අඩවි 500කට ආසන්න ප‍්‍රමාණයක් විකෘති කර ඇතැයි වාර්තා වනවා. මෙම ප‍්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර රාජ්‍ය ආයතන ඇතුළු රජයේ වෙබ් අඩවි හා වෙළඳ සමාගම් වෙබ් අඩවි ද පවතින බව විදෙස් වාර්තා සඳහන් කරනවා. 
චීන රජය විසින් එරට ජනයා තදින් පාලනය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව ප‍්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වල නිවේදනයක් පළ කර ඇතැයි ඒජන්සි වාර්තා කියා සිටිනවා.
මෙම විකෘති කළ ඇතැම් වෙබ් අඩවි කිහිපයක් යළි ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ආ පසුව යළිත් වරක් සයිබර් ප‍්‍රහාරයකට ලක්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙවැනි සිද්ධියක් සිදුවී නැතැයි චීන රජයේ නිලධාරීන් පවසන බව මාධ්‍ය වාර්තා කර ඇති බව බීබීසී පුවත් සේවයේ වැඩිදුරටත් පවසනවා.
මෙම ප්‍රහාරයන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය පහත පරිදි වේ.


Anonymous hackers deface 500 Chinese Government website

CNN News






1 comment:

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.