2012-04-06

අයියා මලේ ගැටෙති - අයෙක් රෝහලේ දෙකක් පොලීසියේ


ඉතාලියේ මෙස්සීනා නුවර ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කැරිබිනේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් අයකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ඉතාලියේ මෙස්සිනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය ද ඔහු ද අත්අඩංගුවට ගැනීම සඳහා ඒ අසල කැරිබ්නේරි පොලිසිය යොදවා තිබෙනවා. ආර්.ඒ. සංජීව (34), ආර්.ඒ. නිලන්ත (36) හා ආර්.ඒ. සංක (30) යන සහෝදරයින් තිදෙනා ජීවත් වූ නිවසින් පසුගියදා රාත්‍රියේ ඇසුණු කෑගැසීමක් නිසා අසල්වාසියකු ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබෙනවා. පොලීසිය එම නිවසට පැමිණෙන අවස්ථාවේ ආර්.ඒ. නිලන්ත නමැති තරුණයා හිසෙන් ලේ ගලමින් වැටී සිටි බවත් තාච්චියකින් ඔහුගේ හිසට පහරදී ඇති බවත් කැරිබේරියන් පොලීසිය පවසනවා. නොයෙක් අවස්ථාවල එම නිවස තුල මේ අයුරින් අඬදබර සිදුවන බව අසල්වාසීහු පොලිසියට පවසා ඇති බව විදෙස් මාධ්‍ය ස‍ඳහන් කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.