2012-08-10

ඌව වෙල්ලස්ස සරසවිය වසා දමයි


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඊයේ (09) සවස සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි උපකුලපති මහාචාර්ය රන්ජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා කටයුතු කර තිබෙනවා. 
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වීම තහනම් කිරීම, මූල්‍ය වංචා සහ විභාග ප්‍රතිඵල නියමිත වේලාවට නිකුත් නොකිරීම ඇතුළු ගැටලු වහා විසඳන ලෙස ඉල්ලමින් ශිෂ්‍යයන් පැවැත්වු උද්ඝෝෂණයකින් පසු උපකුලපතිවරයා මේ තිරණය ගෙන තිබෙනවා. 
මේ පිළිබඳ අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සඳහන් කළේ අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය එකඟ නොවූ බවත් එම නිසා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදු වූ බවත්ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.