2011-12-27

සිසුන්ට වැරදිලා

අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ විභාගයේ දිස්ති‍්‍රක් කුසලතා වීශ්ව විද්‍යාල ප‍්‍රවේශයට බලනොපාන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ති‍්‍රක් කුසලතාවය යනු කිසියම් විභාගයකට දිස්ති‍්‍රක්කයකින් පෙනී සිටින සියලූම සිසුන් පිළිබඳව යම් තොරතුරක් පමණක් බවයි විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා ප‍්‍රකාශ කළේ.
විභාග ප‍්‍රතිඵල අන්තර්ජාලයෙන් ලබා ගැනීමේදී තමන් මීට පෙරාතුව ලියන ලද වෙනත් විභාගයක අංකයක් ඇතුළත් කිරීම නිසා ඇතැමුන්ට නිවැරදි ප‍්‍රතිඵල ලබාගත නොහැකිව වැරදි ප‍්‍රචාරයන් ගෙන යන බවට ඔහු චෝදනා කළා. බොරු සටන් පාඨ ඉදිරිපත් නොකරන ලෙසයි ඔහු ගුරු සහ වෘත්තීය සංගම්වලින් ඉල්ලා සිටියේ. උසස් පෙළ විභාගයේ අත්හිටුවා තිබූ දිස්ති‍්‍රක් සහ ජාතික කුසලතා නිවැරදි කර අන්තර්ජාලයට ඊයේ රාති‍්‍රයේ මුදාහැරුණා.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ ප‍්‍රකාශ වගකීම් විරහිත බව ලංකා ගුරු සංගමය පවසනවා. උසස් පෙළ විභාගයේ සමස්ථ ප‍්‍රතිඵලය අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාර්ලින් මහතා ප‍්‍රකාශ කළේ.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.