2015-05-03

පාරිභෝගික අධිකාරියෙන් පෞද්ගලික රෝහල්වලට ඉල්ලීමක්

රෝගීන් වෙත නිකුත් කරන බිල්පත් වල ප්‍රතිකාර කරන ලද ඖෂධ සහ උපාංග වල මිල ගණන් ඇතුළත් කරන ලෙස පාරිභෝගික අධිකාරිය පෞද්ගලික රෝහල් වලින් ඉල්ලීමක් කර තිබේ.

වෛද්‍ය වෘත්තිකයන් හා රෝගීන් කළ පැමිණිල්ලකට අනුව අදාළ ඉල්ලිම ඉදිරිපත් කරන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

ඇතැම් පෞද්ගලික රෝහල් සහ චැනල් කිරිමේ මධ්‍යස්ථාන රෝගී ජනතාවගෙන් ඖෂධ සහ උපාංග සඳහා අධික ලෙස මුදල් අයකරන බවට පැමිණිලි ලැබී තිබේ.

මේ හේතුවෙන් රෝගියෙකුට ප්‍රතිකාර කිරිමේදී ලබාදෙන ඖෂධ සහ උපාංග වල මිල ගණන් පිළිබඳව බිල්පතේ සටහන් කිරිම අත්‍යවශ්‍ය බව පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙයි.

පාරිභෝගික අධිකාරි පනතේ 28 වන වගන්තියට අනුව භාණ්ඩයක් ලබා ගැනිමේදී ඊට බිල්පතක් ලබා ගැනිම මුලික අයිතිවාසිකමක් බවද පාරිභෝගික අධිකාරිය පෙන්වා වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.