2012-08-10

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ අටක මිල අඩු කරලා


ලංකා සතොස වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සහල්, සුදු සීනි, ටින් මාළු, හාල්මැස්සන් සහ පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අටක මිල අඩු කළ බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා. 
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව සුදු සීනි කිලෝව රුපියල් 105 සිට 96.50 දක්වාද, හාල්මැස්සන් රුපියල් 383.00 සිට 299.00 දක්වාද, ටින් මාළු රුපියල් 205.00 සිට 155.00 දක්වාද, සම්බා සහල් රුපියල් 69.00 සිට 65.00 දක්වාද සුදු කැකුළු රුපියල් 53.00 සිට 45.00 දක්වාද, නාඩු සහල් රුපියල් 60.00 සිට 55.00 දක්වාද, රතු නාඩු රුපියල් 55.00 සිට 45 දක්වාද, පරිප්පු රුපියල් 140.00 සිට 119.00 දක්වාද මිල අඩු වනු ඇති. 
ලංකා සතොස නිලධාරීන් සමග සිදු කළ විශේෂ සාකච්ඡාවකින් පසු වෙළෙඳ පොළ මිල ගණන් හා ටෙන්ඩර් මිල ගණන් සසඳා බලා මේ භාණ්ඩවල මිල අඩු කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පැවසීය.
අද පෙරවරුවේ සිටම විශේෂ විමර්ශන ඒකකයක් මගින් මේ මිල අඩු කිරීම ක්‍රියාත්මකදැයි පරීක්ෂා කරන බවද ඇමැතිවරයා සඳහන් කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.