2012-04-21

සතියේ සුබ අසුබ 2012-04-22 සිට 2012-04-29 දක්වා


මේෂ
මිශ්‍ර ඵල උදා කරයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් මෙම සතිය තුළ ඔබ බලාපොරොත්තු වන තරමට සාර්තාක නොවේ. වියදම් පක්ෂය ඉහළ යනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් ප්‍රවේශම් සහිත විය යුතුයි. වෘත්තිය සහ රැකී රක්ෂා කටයුතුවල ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී පහසුකම් මධ්‍යයේ ක්‍රියා කරනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. හවුල් කටයුතුවල යෙදෙන අයට යහපත් වනු ඇත. ලාභ ප්‍රයෝජන අත්පත්වනු ඇත. ගෙදරදොර කටයුතුවලදී වෙනදාට වඩා මහන්සි වීමට සිදුවේ. දරුවන්ගේ කටයුතු ගැන සතුටු විය හැකි ආරංචි ලැබේ. සෞඛ්‍ය ගැන ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය - රතු
ජය අංකය - 09
වෘෂභ
ආර්ථික වශයෙන් යහපත්ය
වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවලදී ස්වකීය උත්සාහයෙන් තම කටයුතු සාර්ථක කර කරගනු ඇත. අලුත් කටයුතු කිහිපයක් ආරම්භ කරයි. ස්ථානාගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී. ආර්ථික වශයෙන් ශුභයි. වියදමට සරිලන ආදායමක් ලබයි. ගෙදරදොර කටයුතුවලදී කාර්ය බහුලත්වයක් පෙන්නුවද අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් මගහැරී යනු ඇත. දරුවන්ගේ කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් ලබාගනී. ඉගෙනීමේ යෙදී සිටින අයට යහපත්ය. දියුණුවක් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනු ඇත. උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ.


ජය වර්ණය - නිල්
ජය අංකය - 06
මිථුන
වාසිදායකයි
වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවල දියුණුවක් උදෙසා කටයුතු සලසා ගනී. මේ සම්බන්ධයෙන් සැලසුම් කිහිපයක් සකස් කර ගනී. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. අවශ්‍ය තත්ත්වයට සරිලන ආදායම් නිතරම ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල කටයුතු කරන අයට යහපත්ය. වාසිවනු ඇත. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුද යහපත් වේ. සමාජයීය කටයුතුවලට යොමු වේ. උත්සවවලට සහභාගී වනු ුඇත. ප්‍රිය සම්භාෂණවලට යයි. ආගමික අංශයට ද නැඹුරුව ක්‍රියා කරනු ඇත. 


ජය වර්ණය - කොළ
ජය අංකය - 05
කටක
මිශ්‍ර ඵල දායකයි
වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවල දියුණුවක් වර්ධනයක් පෙන්නුම් කළත් ස්වකීය කටයුතු කරගෙන යාමේදී බාධා ප්‍රවණතා ඉස්මතු වනු ඇත. මෙම නිසා උත්සාහයෙන් කටයුතු කැපවීමෙන් ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශයෙන් යහපත්ය. විවිධ ක්ෂේත්‍රයන් තුළින් ආර්ථික වාසි කිහිපයක් ලබාගනු ඇත. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වනු ඇත. දරුවන්ගේ ඉගෙනීම්වලදී උනන්දුවක් දැක්විය යුතුයි. සමාජයීය කටයුතුවලට යොමුවේ. ආගමික අංශයට නැඹුරුවීමක් සිදුවනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන පුවේශම් විය යුතුයි.

ජය වර්ණය - සුදු
ජය අංකය - 07
සිංහ
ශුභඵල වැඩිය
ආර්ථික සහ මූල්‍යමය තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා කර ගනී. උත්සාහයේ තරමට මහන්සියේ ප්‍රතිඵල ලැබිය හැක. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවලදී සාර්ථක ප්‍රතිඵල ලබාගනී අන්‍යයන්ගේ සහයෝගය ලැබීම නිසා තම කටයුතු පහසුවෙන් කරගනී. ගෙදරදොර කටයුතු යහපත්ය. එහෙත් විටෙක ආවේගශීලි ගත මතු කළ හැක. කේන්ති යන ගතියකි. ආවේගශීලි ගති වලකාගත යුතුයි. අනුන්ගේ වැඩකට මහන්සි වී ක්‍රියා කිරීමට සිදුවේ. ආගමික අංශයට නැඹුරුවීමක් පෙන්වයි.

ජය වර්ණය - රෝස
ජය අංකය - 01

කන්‍යා
ශුභඵල වැඩියි
අන්‍යයන්ගේ සහයෝගය ඔබට ලැබෙන අතරම ඔබටද අන්‍යයන් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට ඉඩ සැලසේ. ලාභ ප්‍රයෝජන  බොහෝයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. වෘත්තීය වශයෙන් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත් වේ. ප්‍රීතිදායක උත්සවවලට සහභාගි වේ. අන්‍යයන්ගේ බැරෑරුම් ප්‍රශ්න කිහිපයකට සාර්ථක විසඳුම් දෙනු ඇත. ආගමික අංශයටද නැඹුරු වේ. විටෙක තරමක් අනම්‍යශීලී ගතියෙන් යුක්තව ක්‍රියා කරයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණය - කොළ
ජය අංකය - 05

තුලා
යහපත් සතියකි.
අන්‍යයන් සමග එකට සහයෝගයෙන් යුක්තව තම කටයුතු කරගෙන යාමට ඉඩ ලැබේ. උවදුරු  පවතී නම්  ඒවායින් ගැලවීමට ඉතාමත් මහන්සියෙන් යුක්තව ක්‍රියා කරනු ඇත. අන්‍යයන් ආශ්‍රයේදී ඔවුන්ගෙන් පළ ප්‍රයෝජන තමාට ලැබේ. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතුවල සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. ගෙදරදොර කටයුතුවලට සාර්ථක බවක් උදා කර ගනී. සමගිය හා සාමය සුරැකෙනු ඇත. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵල ලබාගනී. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

ජය වර්ණය - නිල්
ජය අංකය - - 06
වෘශ්චික
ස්ථාන මාරුවීම් ඇති වේ.
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. ඔබට අලුත් ආදායම් මාර්ග කිහිපයක්ම උදා කරගෙන කටයුතුවල යෙදීමට ඉඩ ලැබේ. විවිධ ක්ෂේත්‍රයන් තුළින් ආදායම් වර්ධනය කර ගනී. ස්ථානගත වෙනස්කම් ශුභදායක වෙනසක් උදා කර ගනී. ස්ථානගත වෙනස්කම් ශුභදායක ලෙස ඇති වේ. දුර බැහැර ගමන් බිමන් යයි. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්වද ක්‍රියා කරන්න. විටෙක ආවේගශීලි ගති මතුවීමටත් ඉඩ පවතී. දරුවන්ගේ කටයුතු යහපත් වේ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇති කරයි. කාර්ය බහුල සතියකි.

ජය වර්ණය - රතු
ජය අංකය - 09
ධනු
ආර්ථික වාසි ගෙනදේ.
සමාජයෙහි කටයුතු කිරීමේදී ප්‍රධානත්වයෙන් යුතුව කටයුතු කරයි. සිතට සැනසිලි ගෙනදෙන කාලයක් වේ. වෘත්තීය කටයුතුවල යෙදුන අයගේ දියුණුවට කටයුතු සැලසේ. ආර්ථික වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් ශුභදායක කාල සීමාවක් ද වේ. විවිධ ක්ෂේත්‍රයන් තුළින් ආදායම් මාර්ග වර්ධනය කර ගනී. ගෙදරදොර කටයුතු මෙන්ම එදිනෙදා කටයුතුද ක්‍රමයෙන් සාර්ථක වේ. සමගිය සාමය සුරක්ෂිත වනු ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. දියුණුවක් අත්කර ගත හැක. වැඩිහිටි අයගේ ආධාරය ලැබෙනු ඇත.

ජය වර්ණය - කහ
ජය අංකය - 03
මකර
ශුභඵල වැඩි වේ.
ආදායම් තත්ත්වයෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළත් මෙම සතිය තුළ සැලකිය යුතු මට්ටමේ වියදම් දැරීමටද සිදුවේ. කරගෙන යන කටයුතුවල දියුණුවක් උදා කරයි. විටෙක ඉඳහිට මතු කරන යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ටද ඉඩ නැත්තේ නොවේ. කෙසේ වුවත් අලුත් කටයුතු කිහිපයක් උදාකර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි.  වාසිය සහගත තත්ත්වයක් පෙන්වයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල ප්‍රබල දියුණුවක් ඇති කරයි. තමාගේ සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි.

ජය වර්ණය - නිල්
ජය අංකය - 08
කුම්භ
මිශ්‍රඵල දායකයි.
වෘත්තිය සහ රැකී රක්ෂා කටයුතුවල සාර්ථක බවක් පෙන්නුවද විටින් විට බාධා අවහිරතා ඉස්මතු කිරීමේ ඉඩක්ද පවතී. කෙසේ වුවත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. ආර්ථික වශයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතුවලදීද සමගිය සාමය සුරක්ෂිත වනු ඇත.  දරුවන්ගේ කටයුතු යහපත්ය. ඉගෙනීමේ කටයුතු යහපත්ය. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුය.

ජය වර්ණය - නිල්
ජය අංකය - 08
මීන
මිශ්‍රඵල දායකයි.
රැකී රක්ෂා කටයුතු යහපත් වේ. එහෙත් යම් යම් බාධා අවහිරතා නැත්තේ ද නොවේ. උසස් අය සමග කටයුතු කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. ආර්ථික වශයෙන් මිශුඵලයි. ආදායම් ලැබුණ ද වියදම් ද පාලනය කෙරෙනු ඇත. එම නිසා විටෙක ණය තුරුස් වීමට ඉඩ පවතී. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. විටෙක සමගිය සාමයට බාධා අවහිරතා මතු කළ හැකි. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුය. ගමන් බිමන්වලදී ප්‍රවේශම් වන්න.

ජය වර්ණය - තැඹිලි
ජය අංකය - 03

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.