2012-04-21

ලංවීම ඒකාබද්ධ වෘත්තිය සමිතියෙන් අනතුරු ඇඟවීමක්


වැටුප් විෂමතා ඉවත් කරන්නැයි යලි යලිත් කරන ඉල්ලීමට තව දුරටත් යහපත් ප‍්‍රතිචාර නොලැබුණ හොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය  ක‍්‍රියාමාර්ගයකට පිවිසෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළැඹි බවයි එහි මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා කියා සිටියේ.
ලබන මස 09 වැනිදා සිට රටපුරා උද්ඝෝෂණ ආරම්භ කරන බව ද ප‍්‍රකාශ කෙරුණා. ලබන මස 25 වැනිදා සියලූ විදුලි සේවකයින් කොළඹට කැඳවා තවත් උද්ඝෝෂණයක් සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ. ලබන මස 29 වැනිදා මධ්‍යහ්න 12 සිට වරුවක වැඩවර්ජනයක යෙදීමට ද තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.