අද (21) අලුයම 4.30 ට පමණ කැලණිතිස්ස බලාගාරයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඇතිවූ මෙම ගින්නෙන් බලාගාරයේ ප්රධාන විදුලි උත්පාදන යන්ත්ර ක්රියාකරවීමේ පාලක පුවරුව විනාශයට පත්ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්රම මහතා පවසනවා. මෙම පාලක පුවරුව නොමැතිව විදුලි බලය උත්පාදනය කිරීමේ හැකියාවක්නොමැති බවයි සභාපතිවරයා පැවසුවේ. කෙසේ වෙතත් මේ දිනවල කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය සිදුනොවන බැවින් එහි ගැටලුවක් පැනනොනගින බව ද සභාපතිවරයා පැවසුවා.
මෙම ගින්න ඇතිවීමට හේතුව පිළිබඳව මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය පරීක්ෂණ පවත්වන බව ද මහාචාර්ය විමලධර්ම අබේවික්රම මහතා පැවසුවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.