2013-01-24

TNA මන්ත්‍රීගේ කාර්යාලයේ දේශපාලන ෆිල්ම් වෙනුවට බ්ලු ෆිල්ම්


දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. ශී‍්‍රධරන් මහතාගේ කිලිනොච්චියේ පිහිටි කාර්යාලයේ කළ නැවත පරීක්ෂාවකදී එහි තිබී අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් පරිගණකයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙම කාර්යාලයේ තිබී පසුගිය  12 වැනිදාත් පුපුරන ද්‍රව්‍ය සහ අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් වීඩියෝ තැටි තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සිද්ධියට සම්බන්ධ ශ‍්‍රී ධරන් මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු විදේශගතවීමට සූදානම් වෙද්දී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කල ප‍්‍රශ්ණ කිරීමෙන් පසු මන්ත‍්‍රිවරයාගේ කාර්යාලය නැවත පරීක්‍ෂාවට ලක් කල බව පොලීසිය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.