2013-05-25

මිහින් ලංකා දෙපාරක් බස්සයි - මගීන් ශ්‍රී ලන්කන් හරහා යැවීමට පියවර

මදුරෙයි බලා පිටත්වීමට සූදානම් වූ  මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 305 දරණ ගුවන්යානය ධාවන පථයට ඇතුළුවී ගුවන්ගතවීමට සූදානම් වෙත්ම එහි  එන්ජිමෙහි  කොටසක  කාර්මික දෝෂයක් ඇති බවට   සංඥාවන් නිකුක් වීම නිසා එම  යානය  ගුවන්ගතකිරීම තාවකාලිකව අත්හිටවුණා. 
ඒ 320 මාදිලියේ මිහින් ලංකා සතු හොඳම ගුවන්යානය වන මෙය  ඊයේ (24) දහවල් 12.30 ට මගීන් 173 ක් රැගෙන ඉන්දියාවේ මදුරෙයි බලා  පිටත්වීමට සූදානම් වී තිබෙනවා.
යානය ගුවන්ගත වීමට ධාවන පථය දිගේ ගොස් වේගය වැඩිකරනවිට  ඇන්ජිමේ කොටසක  දෝෂයක් ඇති බවට සංඥාවක් නිකුත් වීම හේතුවෙන්  ගුවන් නියමුවෝ   යානය ගුවන්ගත කිරීමෙන් වැලකී සිටියහ.   පසුව ඉංජිනේරුවන් විසින් එන්ජිමෙහි දෝෂය ඇති කොටස ඉවත්කොට  අළුතෙන් එම කොටස   සවිකොට   නැවත  පිටත්වීමට සූදානම් වෙද්දී තවත් තාක්ෂනික දෝෂයක සංඥාවක් නැවත නිකුත්වීම නිසා යානය ගුවන් ගත කිරීම නවතා  දැමුණා.
මේ වන විට යානයේ දෝෂය නිවැරදි කිරීම සඳහා ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින  බවත්  මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මදුරෙයි බලා යාමට වෙනත් ගුවන්යානයක් යොදා ගන්නා බව මිහින් ලංකා උසස් නිලධාරියෙක් පැවසුවා.
මදුරෙයි ගුවන්තොටුපොළෙහි  ගොඩ බැස්සවිය හැක්කේ ඒ 320 දරණ ගුවන් යානා පමණක් බවත් මිහින් ලංකා  සතුව ඇත්තේ  ඒ320 වර්ගයේ මෙම යානාව පමණක් බැවින් මේ සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ යානවක් යෙදවීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසුවා.
මේ වන විට මින් මගීන් 150 ක්  රාත‍්‍රී 11.30 ට ශ‍්‍රී ලංකන් ගුවන් යානයකින් මදුරෙයි බලා පිටත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉතුරු 23 දෙනාද හැකි ඉක්මනින් පිටත් කරන බවද ඔවුන් සඳහන් කළා.

1 comment:

  1. ඊළඟ චන්දෙදි සදහටම බස්සමු.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.