2013-10-05

රතුපස්වල උද්ඝෝෂණයේදී හමුදාව සීමාව ඉක්මවලා - යුද හමුදාපති

රතුපස්වල ජල ප්‍රශ්නයක් මුල්කොට ගෙන පැන නැගුණු මහජන උද්ඝෝෂණයේදී යුද හමුදාව සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව ඒ පිළිබඳ පැවැති යුද හමුදා මූලික පරීක්ෂණයේදී හෙළි වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. 
 වැඩිදුරටත් යුදහමුදාපතිවරයා සඳහන් කළේ එම සිද්ධියට අදාළව අණදුන් නිලධාරීන් සිවුදෙනෙකු මේ වන විටත් තනතුරුවලින් ඉවත් කොට ඔවුන් අදාළ රෙජිමේන්තුවලට සීමාකර ඇති බවයි. එම නිලධාරීන් සම්බන්ධයෙන් පැවැති හමුදා පරීක්ෂණ උසාවියට ඉදිරිපත් වූ සාක්ෂි යළි සම්පිණ්ඩනය කර එය හමුදා නීති අංශයේදී විමර්ශනයට ලක්කොට යුද අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරීන් හා යුද හමුදා භටයන් පිළිබඳ ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්පිණ්ඩනය කිරීම සඳහා එම නිලධාරීන් අයත් වන රෙජිමේන්තු මට්ටමින් පරීක්ෂණ මණ්ඩල පත් කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. රතුපස්වල සිද්ධියේදී හමුදාව මැදිහත්වීම පිළිබඳ කරුණු සෙවීමට යුද හමුදාපති විසින් පත් කරන ලද යුද හමුදා මූලික පරීක්ෂණ උසාවිය ජෙනරාල් ජගත් ඩයස්, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, බ්‍රිගේඩියර් එන්.අයි. සිල්වා, කර්නල් තිලක් වීරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විය. 

1 comment:

  1. ඇයි ඔය ඔක්කොම දේවල් කරන්න හමුදා මූලස්ථානයෙන් එක මණ්ඩලයක් දාන්න බැරි.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.