2014-08-30

වාරියපොල චණ්ඩි කෙල්ලගෙන් පොලීසියට අභියෝගයක්

නීතියේ රැකවරණය නොලැබීම ඇතුලූ කරුණු තුනක් මූලික කරගනිමින් වාරියපොල සිදුවීමට අදාළ තිළිණි අමල්කා මෙනවිය මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමට තීරණ කර ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා ඇය සමග RIGHT NOW සංවිධානය පෙනී සිටින බවයි ඇගේ නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා සඳහන් කළේ.

මෙම ගොනු කිරිමට අනුව නීතිමය රැකවරණය නොලැබීම, පොලිස් අත්අඩංගුවට පත් වීම සහ කාන්තාවක් ලෙස අපහරණයට ලක්වීම යන කරුණුවලට අනුව මෙම නඩුව ගොනුකරන බවයි නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා ප්‍රකාශ කළේ.

ඉදිරියේ දී මෙම නඩුව ගොනු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර නීතීඥවරයා සඳහන් කළේ සිදුවීමට අදාළ තරුණයා දිගින් දිගටම ඇයට අපහාස කිරීම දැඩි නීතිමය වරදක් බවයි. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජනතාව පවසන්නේ ප්‍රසිද්ධියේ තරුණයකුට පහරදීම නීත්‍යානුකූලද යන වගයි. එසේම මේ වන විට තිලිණි ඉමල්කා මෙනෙවිය රාජ්‍ය නොවන සංවිධාන විසින් අයුතු ලෙස යොදා ගනිමින් ප්‍රශ්නය වෙනත් දිශාවකට යොමු කරමින් කටයුතු කරන බවත් මහජනතාව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සාමාන්‍යෙයන් පොලීසියට යම් පාර්ශ්වයක් පැමිණිල්ලක් කිරීමෙන් පසු අදාළ සැකකරු හෝ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය සිදුවීමක් බවයි. එම නිසා මෙම තත්ත්වය සම්බන්ධයෙන් පොලීසිය විමසිල්ලෙන් කටයුතු කරනු ඇතැයිද ඔවුන් විශ්වාසය පළ කරනවා. 

1 comment:

  1. මේකිට හරියට පුක් පාරක් දුන්නනම් ඔය ඇම්ම නැතිවෙයි මචෝ

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.