2014-09-17

ශානිකා මධුමාලිට අතවර කළැයි තිබූ නඩුව සමතයකට පත්වේ

මෙරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක ගායනා වැඩසටහනකින් සුපිරි තරුව වූ ශානිකා මධුමාලී නැමැත්තියට ලිංගික අතවර කලේ යයි කර තිබූ පැමිණිල්ල පැමිණිල්ලේ සහ විත්තියේ එකඟතාව මත කුරුණෑගල ප‍‍්‍රධාන මහෙස්ත‍‍්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් සමථයකට පත් කර ඇත.

මින් පසුව පැමිණිලිකාරියට කිසිදු කරදරයක් හෝ හිරිහැරයක් නොකරන ලෙසටද ප‍‍්‍රධාන මහෙස්ත‍‍්‍රාත්වරයා විසින් තීන්දුව ප‍‍්‍රකාශයට පත්කරමින් මෙහිදී විත්තිකරුට දැඩිව අවවාද කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.