2015-01-04

පොළොන්නරුවට STF ආරක්ෂාව

පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය කැඳවා තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාව උදෙසා මෙම පියවර ගෙන ඇති බවයි. 

අරලගංවිල ප්‍රදේශයේ ඊයේ(03) රාත්‍රී දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්වයක් හටගත් අතර එහිදී පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබුණි. 

එම අවස්ථාවේ වෙඩි තැබීමක් ද සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කර සිටියේය. 

අදාළ සිද්ධින් වලට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරෙඇති බව අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

1 comment:

  1. ජනතාව විසින් ගලවාගෙන ගිහින් කාක්කන්ට කන්ට දීම වැලැක්වීම සඳහා 8 වෙනිදට පස්සේ මරාගේ @#@# දෙකටත් STF ආරක්ෂාවක් දෙන්ට වෙනවා.

    ReplyDelete

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.